Blogger Templates

Thursday, September 20, 2012

අලුත් MONALISA හරිම සුන්දරයි

මෙන්න මොනලිසගේ අලුත් චිත්‍රයක්,හැබැයි ඩාවින්චිනම් නෙමේ ඇදල තියෙන්නේ...
 
අලුත් MONALISA

ක්‍රි.ව 1503 දී ඇදීමට පටන් ගෙන 1506 දී නිමාවට පත් කෙරුණ මොනාලිසා දැනට ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ දැඩි ආරක්ෂක සංවිධාන මධ්‍යයේ ප්‍රදර්ශනය කෙරෙනවා. මේ අතර එම වසරේදීම අදින ලද මොනාලිසා චිත්‍රයේම තව පිටපතක් ඇස කෞතුකාගාරයක තිබී පසුගියදා හමු වුණා. මෙහි සිටින මොනාලිසා වඩාත් තරුණ පෙනුමකින් යුතු වන අතර රුපශ්‍රියෙන් වඩාත් සුන්දර බව ඉතිහාස මත ධාරීන්ට කියනවා.

ඊස්පන්චයේ ප්‍රාදෝ කෞතුකාගාරයේ තිබී මිට වසර 2 කට පෙර සොයාගත් මේ චිත්‍රය චිත්‍ර කලා ඉතිහාස මත ධාරීන්ට මහත් සතුටක් ගෙනදී තිබෙනවා. ලියනාඩෝ ඩාවින්චි,මොනාලිසා චිත්‍රයේ කටු සටහන් පිළියෙළ කරමින් සිටින අතර හෝ මොනාලිසා චිත්‍රයේ පදනම් චිත්‍රය 1503 ට පෙර පිළියෙළ කරමින් සිටියදී ඒ දෙස බලා සිටි ඔහුගේ ගෝලයෙකු මේ චිත්‍රය අදින්නට ඇත යයි සැක කෙරෙනවා. ඇත්තෙන්ම මේ චිත්‍රය හමු උනේ මෙයට වසර 2 කට පෙරයි. එය කළ එලි බසින්නේ දැනුයි.

මේ චිත්‍රය මුලින්ම හමු වුණ විට එය කුමක්ද කියා තේරුම් ගැනීමට පවා බැරි වුණා. මොනලිසගේ රූපය මත කලු පැහැති සායම් තට්ටුවක් තවරා,   මත වාර්නිෂ් තට්ටුවකුත් අලේප කර තිබුණා. පර්යේෂකයන් චිත්‍රය උත්තල කාච යොදා පරික්ෂා කිරීමේදී සායම් තට්ටුවට යටින් චිත්‍රයක් තිබෙන බව පෙනුණා. එතෙන් පටන් වසර 2 ක්ම ඔවුන් ගත කලේ ඒ චිත්‍රය මතු කර ගන්නටයි. අන්තිමේදී මොනාලිසා මතු විය. පසුගියදා පැරිස් නුවරදී ඩාවින්චිගේ නිර්මාණ ප්‍රදර්ශනයක් පැවති අතර ඩාවින්චි විසින් අදින ලද චිත්‍රයක් නොවුනත් මේ චිත්‍රයත් ප්‍රදර්ශනයට එක් කර තිබුණා.

ඩාවින්චිගේ අභාවයත් සමගම මොනාලිසා චිත්‍රයේ අතින් ඇදී අනු පිටපත් රැසක් විවිධ ශිල්පින් නිර්මාණය කර තිබෙනවා. ඒ සියල්ලම වසර 500 කට හෝ 400 කට පෙර අදින ලද ඒවා. එහෙත් මේ චිත්‍රය ඩාවින්චි මොනාලිසා අදින අතරම ඊට සමාන්තරව ඇදී චිත්‍රයක්.

මොනාලිසා මුල් චිත්‍රයේ උඩින් වාර්නිෂ් ආලේප කර තිබෙනවා. ඒවා දැන් අදුරු වී ඉරි තැලී ගිහින්. චිත්‍රය ඉතා පැරැණි නිසාත් යම් ප්‍රමාණයකට දිරා පත්වී ඇති නිසාත් එය ප්‍රතිසංස්කරණය කිරීමට විද්යචයන් සුදානම් නැහැ. එහෙත් ප්‍රාදෝ කෞතුකාගාරයේ තිබී සොයාගත් චිත්‍රයේ ඇති දීප්තිමත් පැහැය අනුව මෙයට වසර 500 කට පෙර මොනාලිසා වයස විසි ගණන්වල පසු වූ දීප්තිමත් තරුණියක් බව පෙනී යනවා.

චිත්‍ර දෙක අතර යම් යම් වෙනස්කම් තිබෙනවා. ඩාවින්චිගේ මොනාලිසාගේ ඇති ඇහි බැම නැහැ. එහෙත් "ප්‍රාදෝ" මොනලිසගේ ඇහි බැම තිබෙනවා. මොනාලිසා චිත්‍රයට පෙනී සිටියේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ රෙදි වෙළෙන්දෙකු වූ ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ගියෝකොන්දොගේ බිරිය බව සාමාන්‍ය පිළිගැනිමයි.

                                                 පරණ මොනාලිසා                      අලුත් මොනාලිසා
 

No comments:

Post a Comment

Twitter Bird Gadget