Blogger Templates

Thursday, September 27, 2012

යළි ඉපදෙන මායාවරුන්ගේ ලෝකය!!!

මායාවරුන්ට අනුව වර්ෂ 7000ක් ලෝකය ඉදිරියට,පොඩ්ඩක් කියවලා බලන්නකෝ.

මේ අවුරුද්දේ දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය සිදුවන බවට ස්වකිය දින දර්ශනය මගින් අනාවැකියක් පලකරමින් ගෝතමාලාවේ ඉපැරැණි ගෝත්‍රයක් වූ මායාවරු පසුගිය අවුරුදු කිහිපය තුළ ලෝක ජනමතය කනපිට පෙරැලීමේ කතාව මේ වන විට ඔබට අලුත් නැත. සිදුවීමට නියමිත ලෝක විනාශය වෙනුවෙන් දියුණු රටවල ධනවත් ජනය අදටත් සුදානම් වෙති. සමහරු සුපිරි ආරක්ෂක බංකර සදා සුපිරි මිල ගණන්වලට අලෙවි කිරීමේ වියාපරවල නිරත වන අතර තවත් සමහරු ලෝක විනාශයට පෙර දිනයේදී සාමුහිකව සිය දිවි නසා ගැනීමට පවා සංවිධානය වෙමින් සිටිති. 
  
එහෙත් පසුගියදා පුරා පුරාවිද්‍යා මත ධාරීන් පිරිසක් විසින් ගෝතමාලාවේ ඉපැරැණි මායාවරුන්ගේ පාරම්පරික භුමිය තවදුරටත් කැන බැලීමේදී ලැබුණු තොරතුරුවලට අනුව මායාවරුන්ගේ දින දර්ශනය මේ අවුරුද්දේ දෙසැම්බර් 21 වැනිදායින් අවසන් වන්නේ නැත. තවත් වසර 7000ක් ඉදිරියට ඔවුන්ගේ දින දර්ශනය පවතින බවට ලිඛිත සාක්ෂි ඇත. 
  
මේ අලුත් දින දර්ශනය හමුවී ඇත්තේ ගෝතමාලාවේ පෙනෙන් පළාතේ සුල්ට්සාන් ප්‍රදේශයෙනි. වසර දහස් ගණනකට පෙර මේ ප්‍රදේශයේ මායා ලේඛකයන් සහ කලාකරුවන් වෙනුවෙන් වෙන් වී තිබු බව පුරාවිද්‍යා මත ධාරීන්ගේ මතය වේ. 

සුල්ට්සාන් ප්‍රදේශයේ කළ කැනීම්වලදී කාලයේ වැලි තලාවෙන් (දිගු කාලයක් අත්හැර දමා තිබීම නිසා ස්වභාවික දුහුවිලි කුණාටු මගින් ඒ දේ මත තැන්පත් කරන වැලි ආවරණය - සමහර තැන් වල මේ වැලි ආවරණය අඩි 300ක් පමණ ඝනකමය) වැසී ගිය ශාලාවන් පුරාවිද්‍යා මත ධාරීන්ට හමුවිය. අලුත් දින දර්ශනයට අමතරව තවත් කලා නිර්මාණ විශාල ගණනක් එහි බිත්තිවල ඇද තිබිණි. චිත්‍ර වර්ණවත් වූ අතර කළු පැහැති නිල ඇදුමකින් සැරසුණු මිනිසුන් පේළියක් ද එක බිත්තියක විය. චිත්‍ර ශාලාව මායාවරයකුගේ නිවසක කොටසක් බව විශ්වාස කෙරේ. එක් බිත්තියක මිලි මීටරයක ඝනකම බදාමයක් අලේප කර කලු සහ රතු පැහැති කැබිලිති ඒ මත ඔබ්බවා තිබිණි. මෙය මායා ශිෂ්ඨාචාරයේ මෙතෙක් හමු වූ කිසිදු කලා නිර්මාණයක නොතිබූ සුවිශේෂ ලක්ෂණයකි.

මායාවරුන් දින දර්ශන 4 ක් අනුගමනය කළ බව විශ්වාස කෙරේ. එයින් පළමුවැන්න, ඔවුන්ටම අවේණික දින 260 කින් සමන්විත සම්ප්‍රදායික දින දර්ශනයයි. දෙවැන්න දින 365සූර්ය දින දර්ශනයයි. තෙවැන්න දින 584 ක සිකුරු දින දර්ශනයයි. සිවුවැන්න දින 780 ක අගහරු දින දර්ශනයයි. චිත්‍ර ශාලාව තුළ තිබු එක් බිත්තියක වර්ෂ 7000 ක් ඉදිරියට දිවෙන මායා දින දර්ශනයක් පින්තාරු කර තිබිණි. මෙය චන්ද්‍රයා, සුර්යයා, අගහරු, සිකුරුට අනුව කළ ගණනය කිරීම් සමුහයකින් පසු නිර්මාණය කරන්නට ඇති බව විශ්වාස කෙරේ.

කෙසේ වුවද මේ අනාගත වර්ෂ 7000 කුමන කාරණයකට අයත් ද යන්න සොයාගෙන නැත. මේ පුරා විද්‍යා ගවේෂණය මෙහෙය වූ ඇමෙරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මත ධාරී විලියම් සැමුතෝ කියන පරිදි මායා ජන ප්‍රධානීන් හෝ ජන කණ්ඩායම් වෙනුවෙන් විශේෂ ලේඛම්වරයෙකු බැගින් විය. ඔහුගේ කාර්ය භාරය වී ඇත්තේ තමන්ට වැටුප් ගෙවන ජන ප්‍රජාවට අවශ්‍ය ලේඛන කටයුතු කිරීමය. ඔහු විසින් කරන ලද ලේඛන නිල රචනා හැටියට පිළිගෙන ඇත. අලුත්ම විද්‍යාත්මක මතයට අනුව මායාවරුන් ලෝකය 2012.12.21 වැනි දින නිමාවට පත්වන බව කියා ඇත්තේ තමන් අනුගමනය කළ දින දර්ශන සමුහයෙන් එකක් මගින් පමණි.

 
කැනීම් වලදී සොයාගන්නා ලද මායා දින දර්ශනය  

 

2 comments:

  1. නියම ලිපියක්!!!... මේක!! මේ වගේ තව දේවල් කරන්න. ඒවගේම බ්ලොග් එකේ ඩ්‍රෆ්ට් එකේ සෙටින්ග්ස් වලට ගිහින් ඒකෙ කමෙන්ට් සෙටින්ග්ස් වල තියෙන වර්ඩ් වරිෆිකේෂන්ස් ඕෆ් කරලා දාන්න...

    ReplyDelete
  2. සයිට් එකේ තව අඩු පාඩු තියෙනවනම් කියන්න,ඔයාලගේ සහයෝගය ගොඩක් වටිනවා.....

    ReplyDelete

Twitter Bird Gadget