Blogger Templates

නිසදැස්

සිතට නැගුන අදහස් කවියක්  ලෙසින් 

අපේ විශ්වවිද්‍යාලයේ සොයුරියක්(නැගණියක්) විසින් තම සිතට නැගුන අදහස් කවියක් බවට පෙරලුන වදන් 

මොකද ඉරේ බලන කොටම අහක බලන්නේ
මමනේ වෙන්න ඕනේ එහෙම
ඔබට බයට බිම බලන්න...
කොහොමද මම දැනගන්නේ
කැමත්තටද අකමැත්තද
ඔය විදිහට අගවන්නේ...
දන්නේ නෑ
ඇයි සැමදා ඔබ සැගවෙන්නේ...
හිරු රැසටයි පුංචි මලක්
පෙමින් බැදෙන්නේ
පාට පාට උණුසුමටයි
සිනහ සලන්නේ...
මෙහෙම උනොත්
මල් කුමරිත්
මිලින වේවි දුකහිතිලම
ආයි එපා කවදාවත් නොබලා ඉන්න
ඒ වෙනුවට ආදරයෙන් ඇය සනසන්න...





පිවිතුරුය මනහරය
ආලයෙන් බැදිසේය
ගලන කල ඒ ගගුල
සිත් වසග වී යාය...

සුදෝ සුදු පෙණ නගන
ජල බිංදු සීතලය
සෙනෙහසින් වෙලිගෙන
නොකැඩ්ම ගලනේය...

ගල් පවුරු සිපගන්න
තුරුලතා සනසන්න
කෙළිකවට කම් මැදින්
මග දැනම යන්නේය...

ඒ නදිය ඔබ ඔබ වන්න
නිහඩබව බිදලන්න
නිහඩවම අදිටනින්
සන්තෝසෙට ඉඩදෙන්න...





"දයිවය"
ගල් පවුරකි
කැටයමින් ඔප වුනු
කියාපාමින්
නිශ්චිත ව
ලියැවුණු
හැම සිනහවක්ම
හැම කදුලක්ම
උරුමය අප සතු...
"
උත්සාහය"
බදාමයකි
සියුම් වැලි කැටින්
නිපවුණු
පුරවමින් අකුරු
තදින් කැටයම් කෙරුණු
මකාලන්නට
සදාතනිකව
නොසතුටු ලැබුම්
වෙනස් කල යුතු...





සසලය සිත
ජලය මෙන් වැවක
මෘදු රැළි නගන
බුද්ධිය රැදෙයි
ඉවුර සේ
සිමාව කියාදෙන
චංචල රළ
වූවානම් නිසල
නොවනු ඇත
එලස්සන
දගයෙන් පිරුණ
නමුත්,
සිත ලබන සද
නිසංසලබව සබද
දිදලනු ඇත නිබද
සොදුරු දිවියද !! 





කළුවරය
දසුන නෙතු ගැටෙන,
බියකරුය
පියමනින්නට තනිව...
එහෙත්,
මොහොතක අදුරක්
පමණක්ම වේය එය,
පියමැන ගියොත්
පමණක්ම හමු වන
සොදුරු
ආලෝකයක් වන
නිසාවෙන්
එපිටින් බලාසිටින
මග එලියක
රැදුණු දැතෙහි
විලස
පුබුදනවානම්
අනන්ත බුද්ඩිය
මනසෙහි,
මෙහෙයවාවි
එය ඔබව
ජිවිතයේ
'සනසුමම'
පමණක් විදින්නට...





නොපෙනේය අවසන
වංගුවකි ඉම පෙනෙන
නමුදු වේගයෙන්
ඉදිරියට ඇදෙන
දුම්රිය දකින
මග තවද දිගු වග...
දතියි එය අරමුණ
සිටින වග මග බලමින
යා යුතුය එබැවින
නොනැවතී...
හෙල්,ගස් කොළන්
කව්රු ඇත වැනුවද
මිහිරිය, අමිහිරිය
සියලු මතක සටහන
මතක පමණක් වේමය
ඒ අවසන...
දිනන දින දිවියද
පසක් වන
ආඩම්බරයද
ඒ අදිටනම නොවේද? 





ජිවිතයේ එක්
නවතුම්පොලක,
නැවතී ඇති සේය
ජිවිතයටම වගේ,,,

සිතුවිලිත්
ඔහේ නැවතී,
ඔච්චම් කරයි
තනිවූ සිතට,,,

සිතෙයි හඩවැටෙන්නට
එත් බයයි
අහිමිවේද කදුලුත්
තෙත් උනොත් නෙත්
හැමදාම මේ වගේ,,,

කවුරුත් නෑ
දකින්නට වටපිට
ආවොත් මිසක්
තාමත් නොආ
ඒ අපුරු දුම්රිය





Twitter Bird Gadget