Blogger Templates

Monday, September 17, 2012

ඉංග්‍රීසි භාෂාව කවියක් කළ විලියම් ෂේක්ස්පියර්



නුතන ඉංග්‍රීසි භාෂාවේ පියා ලෙස නම් දරා සිටින විලියම් ෂේක්ස්පියර් පිලිබදව විද්වතුන් පවසන්නේ ඔහුගේ සමකාලීනයන් හා සසදා බලද්දී ඔහු ඔවුන්ට වඩා නිර්මාණාත්මක නොවන බවය. එහෙත් නොබෝදා කළ සමීක්ෂණයකින් අනාවරණය වුයේ උත්කෘෂ්ඨ සහජ බුද්ධියකින් යුත් ඔහු වාක්‍ය තැනීම සදහා ව්‍යාකරණ යොදා ගන්නා අතිවිශිෂ්ට ආකාරය සහ එමගින් ඉංග්‍රීසි භාෂාවට කාව්‍යමය ද්‍රව්‍යමුලයන් එකතු කිරීමේ හේතුව නිසා සමකාලින ලේඛකයන්ගෙන් වෙනස් වන බවය. ස්ටැනක්ලයිඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජොනතන් හොප් විසින් ෂේක්ස්පියර්ගේ නාට්‍යයක් තෝමස් මිඩ්ල්ටන් ඇතුළු බෙන් ජොන්සන් සහ කුඩා දැන්වීම් පත්‍ර ලියන්නෙකු වන තෝමස් නැශ්ගේ කෘතිය සමග සසදා බැලු අතර එයින් අනාවරණය වුයේ ඒ එකම කෘතියක්වත් ෂේක්ස්පියර්ගේ කෘතීන්හි අංශයක් පමණක් පෙනෙන හෝ කෘතියක්වත් නොවන බව සහ වැඩියෙන් වචන තැනීම සදහා ඔවුන් වගකිව යුතුව ඇති බවය. ෂේක්ස්පියර් විසින් ව්‍යාකරණ පාවිච්චි කිරීමේ අමුතුම ක්‍රමය නිසා ඔහු ඔහුගේ සමකලිනයන්ගෙන් වෙන්ව සිටියේය. ආචාර්ය හොප්ගේ මතය අනුව ෂේක්ස්පියර් විසින් චාරිත්රනුකුලව නීති පද්ධතියෙන් ඈත් නොවෙමින් ව්‍යාකරණ යළි නිර්මාණය කරයි. මෙය සනාථ කිරීම සදහා ආචාර්ය හොප්,ෂේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යයෙන් වාක්‍ය ඛණ්ඩයක් ගෙන හැර දක්වයි.

ෂේක්ස්පියර් ඔහුගේ නාට්‍යයෙන් සකස්කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවේ සාමාන්‍ය නීති රීති අනුගමනය කරමිනි. වාක්‍යයක් තැනීමට අවශ්‍ය කතෘ කර්මය සහ ක්‍රියාව ඇතුලත් කරමිනි. එම නාට්‍යයේ එක් ජවනිකාවකදී රාජ බිසව තම පුත්‍රයාට මෙසේ පවසයි. "හැම්ලට්,ඔබ කියනවා ඔබේ පියාට බොහෝ වැරදි කරලා. Hamlet thou hast thy father much offended එහෙත් වත්මන් ඉංග්‍රීසි භාෂාවේ අප එය පවසන්නේ ඔබ කියනවා හුගක් වැරදි කරලා ඔබේ පියාට හැම්ලට්. Thou has much offended thy father,Hamlet යනුවෙනි. ඔහු ප්‍රශනසත්මකව සදහන් කරන්නේ නීරස විෂයන් විස්තර කිරීම සදහා ෂේක්ස්පියර් විශේෂණ පදයක් උපයෝගී කරගන්නා බවය. ශිල්ප ක්‍රමය සම්පුර්ණයෙන්ම වෙනස් වියයුතු බව 16 වැනි ශත වර්ෂවලදී පිළිගෙන තිබුණ බැවිනි. මෙය පෙන්නුම් කිරීම සදහා ඔහු පස්වෙනි හෙන්රි රජු පිළිබද නාට්‍ය ප්‍රස්තාවනා වූ කොටසක් ඉදිරිපත් කරයි. “Think when we talk of horses that you see them printing their proud hoots I’th receving earth” ආචාර්ය හොප් පැවසුවේ Proud (ආඩම්බර) යන විශේෂණ පදය යොදා ඇත්තේ අශ්වයාගේ කුර ශබ්දය විස්තර කිරීමේ නව ක්‍රමයක් වශයෙනි.

ආචාර්ය හොප් පවසන්නේ ෂේක්ස්පියර් ලේඛන කලාවේ නිරතව සිටියේ ඉංග්‍රීසි භාෂාවේ ශබ්දකෝෂය වේගයෙන් විකාශනය වෙමින් පැවති සමයක බව සහ ඔහුගේ ඉංග්‍රීසි දැනුම(ශබ්දකෝෂය) ඉතාමත් උසස් තත්වයක පැවති අවස්ථාවක බවය. එමෙන්ම අනෙක් ලේඛකයන් මට්ටමට ඉහලින් සිටි බවය. තවදුරටත් ෂේක්ස්පියර්ගේ ව්‍යාකරණ නිපුනතාවය පිලිබදව සදහන් කළ ආචාර්ය හොප් ෂේක්ස්පියර් ඔහුගේ දක්ෂතාවය තුලින් භාෂාව හසුරුවන අන්දම මානව පැහැදිලි කොට ඇතැයිද ලේඛකයන්ට ව්‍යාකරණ මනාප අන්දමින් යෙදීමට විවුර්ත පැවති සමයක ෂේක්ස්පියර් ඔහුගේ ව්‍යාකරණ දස්කම් පා ඇතැයි ද පවසයි. ශේක්ස්පියර් තෝරාගෙන ඇති  ව්‍යාකරණ බොහොමයක් පැරැණි තාලයේ බව දැන් පෙනී යයි. නමුත් එය කාව්‍යකරණය සදහා ඉතාම වැදගත් වදන් පෙළක් සදහා යෝග්‍ය බවට සනාථ වේ.

No comments:

Post a Comment

Twitter Bird Gadget