Blogger Templates

Tuesday, September 18, 2012

සිත්තරුන් අතර සිත්තරා

මම අද කියන්න යන්නේ අමුතුම ජාතියේ දක්ෂ චිත්‍ර කලා සිත්තරුවෙක් ගැන,පොඩ්ඩක් කියවලා බලන්නකෝ කව්ද මේ දක්ෂ සිත්තරා කියලා...


"පෝල් කැඩින්" (Paul Cadden) 


කලාව කියන්නේ මහා පුදුම දෙයක්.මිනිසුන්ගේ නිර්මාණශිලිත්වය පෙන්වන්න හොදම මාධ්‍යයක් තමයි කලාව. කලාව කිව්වහමමාධ්‍යයන් ගොඩක් තියෙනවා. සමහරු කියනවා කලාව ඉපදුනේ මිනිසා ඉපදෙන්න මොහොතකට පෙර කියල. ප්ලේටෝ කලාව නිර්වචනය කලේ "කලාව යනු අනුකරණයයි" යනුවෙන්. කලාවන් රැසක් අතරින් චිත්‍ර කලාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. කෙනෙකුට සහජයෙන් ලැබෙන උසස්ම හැකියාවක් ලෙසටත් සිතුවම් නිර්මාණය හදුන්වන්න පුළුවන්. අද දවසේ චිත්‍ර කලාවත් බොහෝ දියුණු වී වර්ග කිරීම්වලටද ලක්වෙලා තිබෙනවා. මේ අතරින් යථාර්තවාදී සිතුවම් නිර්මාණයට හිමිවන්නේ විශේෂ තැනක්.

"පෝල් කැඩින්" (Paul Cadden) ඔහු යථාර්තවාදී සිතුවම් නිර්මාණකරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නෙක්. ඇසට දකින අයුරින්ම තම නිර්මාණය හැඩ කිරීම ඔහුගේ ක්‍රමයයි. ඔහු ගේ සිතුවම් වලින් ඔහු ගැබුරු අර්ථකතනයක් සැපයීම තවත් විශේෂ කාරණයක්. පෝල් ස්කොට්ලන්ත ජාතිකයෙක්. ඔහු තම සිතුවම් නිර්මාණයට යොදාගන්නා එකම මෙවලම පැන්සල පමණයි. පැන්සල් රේඛා එකිනෙක සුසංයෝගයෙන් තමයි ඔහු මේ රූපවල සියලුම භාවයන් ඉස්මතු කරන්නේ. මෙම අධි යථාර්තවාදී සිතුවම් කලාවේ ආරම්භය ලෙසට දැක්වෙන්නේ ජායාරුප සිතුවමට ගැනීමයි.

සාමන්‍යයෙන් මෙම එක් නිර්මාණයක් සම්පුර්ණයෙන් අවසන් කිරීමට පෝල් (Paul) හට සති 3 - 6 ක් අතර කාලයක් ගත වනවා. සාමන්‍යයෙන් වර්ෂයකට ඔහු මේ ආකාරයේ චිත්‍ර 7ක් පමණ  අදින බවටයි ඔහු සදහන් කරන්නේ. පෝල්ගේ සිතුවම් පිලිබදව අදහස් දක්වන ලන්ඩනයේ "ප්ලස් වන් ගැලරි" (London’s plus one Gallery) හි ප්‍රකාශකයෙක් සදහන් කලේ මේ සිතුවම් සැබෑ ලෙසටම ජායාරුප හා සමානව පවතින බවටයි. නමුත් ලගට පැමිණි විට එය සිතුවමක් බවට හදුනා ගත් පසු එය අතිවිශිෂ්ට නිර්මාණයක් යනුවෙන් ඕනෑම කෙනෙකුගේ මුවින් නිරායාසයෙන්ම පිටවන වචන බවටත් මොහු ප්‍රකාශ කළේය. මේ නිර්මාණ පිලිබදව අදහස් දැක්වූ පෝල් සදහන් කලේ තමන් අවුරුදු හයේ කාලයේ පටන්ම සිතුවම් කරණයේ යෙදුනු බවයි. එසේම මතක ඇති කාලයේ පටන්ම එකම සිහිනය වුනේද චිත්‍ර ශිල්පියෙක් වීම ලෙසටයි පෝල් සදහන් කලේ. අධි යථාර්තවාදී සිතුවම් කලාව ගැනද පෝල් තම අදහස් මෙසේ පැවසුවා. "මෙය සංවේදීභාවය ජනනය කිරීමේ කලාවක්,සාමාන්‍ය ජිවිතයේ හමුවන,නෙත ගැටෙන දෑ තමයි මම මේ ආකාරයෙන් සිතුවමට නගන්නේ. පෙනෙන දේට වඩා එහි ඇතුලත ඇති ගැබුරු අරුත සිතුවමින් ඉදිරිපත් කිරීමටත් මම වෙහෙසෙනවා. එසේම මට සිතුවම සමග ආදරයෙන්  බැදීමට හැකියාව තිබෙනවා. පෝල් කැඩින්ගේ සිතුවම් ඇතුලත් ප්‍රදර්ශන ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයකම පවත්වා තිබෙනවා. ඔහු මෑතකදී ජපානයේ රුපවාහිනී වැඩසටහනකටද එක් වුණා. එයට ගෙන්වනු ලබන්නේ ඇදහිය නොහැකි සුවිශේෂී දස්කම් සහිත පුද්ගලයන්.

පෝල් 1964 වසරේ ස්කොට්ලන්තයේ,ග්ලාස්ගෝ Glasgow,Scotland නුවරදී තමයි උපත ලැබුවේ. ඉන් පසුව සරසවි දෙකකින් චිත්‍රකරණය පිලිබදව ඔහු වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. පෝල් කැඩින් පිලිබදව අන්තර්ජාලයේ තොරතුරු තිබෙන්නේ ඉතා මද වශයෙන්. නමුත් ඔහුගේ සිතුවම් රැසක් එහිදී දැක ගැනීමට හැකියාව තිබෙනවා.

පෝල් කැඩින්ගේ 
සිතුවම් කරන ලද සිතුවමක්




පෝල් කැඩින් ගැන වැඩිපුර විස්තර මෙතන ක්ලික් කරලා ගන්නකො.

No comments:

Post a Comment

Twitter Bird Gadget