Blogger Templates

Saturday, January 12, 2013

මිනීමරු 'පිරානා' අඩවියේ අඩුවෙන් කතා කරන 'කෙලින් මිනිස්සු'

ලොව භායානකම මත්සයා මිනි මොර නොවේ. දකුණු අමෙරිකාවේ ඇමේසන් ගංගාවේහි සහ එහි අතු ගංගාවල ජිවත්වන (Piranha) පිරානා නැමැති මත්සයාය. මිනි මෝරා ආඩි 20ක් පමණ දිගට වැඩෙන නමුදු පිරානා වැඩෙන්නේ අගල් 5 සිට 10 දක්වා ප්‍රමානයකට. මිනි මෝරා තම ගොදුරට පහර දෙන්නේ තනිවමය. එහෙත් පිරානා මත්ස්‍යයන් දස දහස් ගණනින් විත් තම ගොදුර විශාල හරකකු වේවා, මිනිසකු වේවා විනාඩි කිහිපයක් තුල අනුභව කර ඇට කටු පමණක් ඉතිරි කරයි.

මේ භායනක මසුන් වෙසෙන ඇමේසන් ගංගාවේ අතු ගංගාවක් වන මයිසි නදියේ (River Maici) ඉවුරුවල ලෝකයේ ඉතාම දුර්ලභ ගෝත්‍රයක් වූ පිරාහාවරු (Piraha) වාසය කරති. ඔවුන්ගේ භාෂාව කොතරම් නොදියුනුද යත් කොතරම් සිමා සහිතද යත් වම හා දකුණ හැදින්වෙන නාම පද එහි නැත. නිල් සහ කොළ යන වර්න දෙක හැදින්වීමට ඔවුන්ට ඇත්තේ එක වචනයකි. රතු කළු සහ සුදු යන තුනටම ඔවුන් පාවිච්චි කරන්නේ තනි උපමාවකි. උපමාව යොදන තැන අනුව ඔවුන් මේ කියන්නේ රතු,කළු,සුදු යන වචන තුනෙන් කවර වදනක්ද යන්න අස සිටින කෙනා තේරුම් ගත යුතුය. ඔවුන්ගේ වාග් කෝෂයෙහි ඉලක්කම් නැත. ආප්තොපදේශ නැත. ඔවුන්ට ආගමක් නැත. කලාපයේ කැලැවලට රිංගු මිෂනාරින් වසර එක්දහස් අටසියේ මුල පටන්ම ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරය කලද ඔවුහු එය ගණන් නොගනිති. කතෝලික ආගමේ සන්තුවරුන්ගේ කතන්දර අසන්නට ඔවුනට උවමනාවක් නැත. ඔවුන් කියන්නේ එම කතන්දර තමන් නොදන්නා පුද්ගලයන් ගැන තමන් නොදන්නා කෙනෙකු විසින් කියන ලද,තමන්ට අසන්නට උවමනාවක් නැති,කිසිදු තේරුමක් නැති දේවල් බවය. ඔවුන්ගේ නම පදවල සීමිත වරනැගිල්ල තුලින් අසමාන කතන්දර,අනුමාන කතන්දර සහ ඇසට දකින ඇත්ත කතන්දර හදුනා ගත හැකිය. අතීත වර්තමාන සහ අනාගත යනුවෙන් කාල තුනක් ඔවුන්ගේ බසෙහි නැත. එය සමතල භාෂාවකි. කතා කරන්නාට ඉවෙන් පමණක් හදුනාගත හැකි භාෂාවකි.

ඒ අතරම ඔවුන්ට ගයන්නට,උහුරැවම් බාන්නට හෙවත් විසිල් කරන්නට හැකිය. ඔවුහු මේ සියලු ක්‍රියාකාරකම් පණිවුඩ හුවමාරුව පිණිස ද පාවිච්චි කරති. මෙලොව ඇති භාෂාවන් ගණන 7000කි. ඉංග්‍රීසි භාෂාව සතුව වචන දෙලක්ෂයකට වඩා ඇති අතර හැම දිනෙකම එම බසට අලුත් වචනයක් එකතු වෙයි. ලොව ඕනෑම භාෂාවකට අයත් වචනයක් තමන්ට ගැලපෙන පරිදි නමා සහ දිගහැර තම භාෂාවට අන්තර්ග්‍රහණය කරන්නට ඉංග්‍රීසිය සුදානම්ය. 

පිරාහා ප්‍රජාව ඉතා ඉක්මනින් වද වේගෙන යන ජාතියකි. වසර 2010 දී ඇමේසන් වනගහනය තුල සිටි මුළු පිරාහා ප්‍රජාව 420කි. මේ වසරේදී එය 300කි. පිරාහාවරු තමන් ඒ නමින් හදුන්වා නොගනිති. තමන් හයි 'අයිති' ඉහි(Hi ‘aiti’ ihi) නමැති ජාතිය ලෙස හැදින්විය යුතු බව ඔවුන්ගේ මතයයි. එහි තේරුම කෙලින් මිනිසා යන්නය. කතා කරන්නට වචන හිග නමුත් තමන් අවට වනය සහ සතුන් හදුනා ගැනීමටත් ආහාර සහ වාසස්ථාන සොයා ගැනීමටත් වැසි වසින්නට එන විට සහ නියගයක් හටගන්නට එන විට ඒ බව වටහා දැන ගන්නටත් අවශ්‍ය ඉව ඔවුන්ට තිබේ. තව ටිකකින් වහින බව ඔවුහු කාටවත් නොකියති. එහෙත් කුඩා පිරාහා ළමයා පවා තව ටිකකින් වහින බව දනී. දීර්ඝ උහුරුවම්බැම් (විසිල්) මගින් සම්පුර්ණ කතාවක් කිරීමට ඔවුන්ට පුළුවන. මේ දක්ෂකම ඉන්ග්‍රීසිකාරයන්ට හෝ සිංහලයාට නැත. 

ඔවුහු තාත්තාට,සීයාට,පුතාට,මුත්තාට සහ සෙසු සියලු වැඩිහිටි පිරිමින්ට කියන්නේ 'බයික්සි' කියාය. ගැහැණු හෝ පිරිමි දරුවන්ට කියන්නේ 'ක්සාහායිනි' කියාය. පුතාට හයිසි යනුවෙනුත්, දුවට කායි යනුවෙනුත් කියති. සෙසු සියලු ආකාරයේ නැදැ දරුවන් 'පිහි' යනුවෙන් හදුන්වති. 

මානව විශ්ලේෂකයෙකු සහ වාග් විශ්ලේෂකයෙකු වන ඇමෙරිකන් පුරවැසි ඩෑනියෙල් එවරේට්,පිරාහාවරුන් ගැන ගැබුරු පර්යේෂණයක් කර ඇත. ඔහු ඇමේසන් වනගහනය තුලට රිංගා කලක් තිස්සේ පිරාහාවරුන්සමග ජිවත් විය. ඔහු කියන පරිදි වනය තුල ආරක්‍ෂිත ජිවිතයක් ගත කිරීමට උවමනා උත්තරීතර දැනුම පිරාහාවරුන් සතුය. ඔවුන්ගේ සංස්කෘතිය ප්‍රථමික එකක් ලෙස පෙනුනද,ජිවන විද්‍යාව (Life Science) එය තුල තිබේ. ඔවුහු තමන් දන්නා දඩයම් කලාව සහ වාසස්ථාන ඉදිකර ගැනීමේ කලාව හැර වෙන කිසිවක් නොකරති. නපුරු පිරානා මසුන් ගැවසෙන ඇමේසන් අතු ගංගා තරණය කිරීමට වුවමනා වූ විට ඔවුහු ඔරු පාවිච්චි කරති. ඔවුන් ඒවා තනා ගන්නේ ඔරු තැනීමේ කලාව දන්නා වෙනත් ගෝත්‍රික කණ්ඩායම් වෙතිනි. වරක් පර්යේෂකයන් පිරිසක් පිරාහාවරුන්ට ඔරු තැනීමේ කලාව කියා දුන්හ. ඉන් පසු ඔවුහු ඉතා සාර්ථක ලෙස අදර්ශ ඔරු කිහිපයක් තනා පර්යේෂකයන්ට පෙන්වුහ. එහෙත් තම ඔරු අබලන් වූ විට තමන්ට උගැන්වූ ඔරු තැනීමේ ශාස්ත්‍රය ක්‍රියාත්මක කර ඔරු සාදා ගැනීම නොකළ ඔවුහු ඔරු තනන වෙනත් ගෝත්‍ර වෙත ගොස් පුරුදු පරිදි අලුත් ඔරු තනවා ගැනීම සදහා ඇනවුම් භාර දුන්හ. ඔරු තැනීම තමන්ට අයිති දෙයක් නොවන බව ඔවුහු අදහති. එය එක්තරා ආකාරයක මුරන්ඩූකමකි.

 ඩෑනියල් එවරේට් පිරාහාවරුන් සමග 
                           
වාග් විද්‍යාවේහි (Phoneme) යනුවෙන් ඒකකයන් තිබේ. වචනයක් සැදිය හැකි කුඩාම ඒකකය වන මෙය හැඩඅනුවක් හෝ ශබ්දානුවක් ලෙස හදුන්වනු ලැබේ. ඉංග්‍රීසි භාෂාව හැසිරවීම සදහා මෙවැනි ශබ්ද අනු 40ක් අවශ්‍යය. පිරාහා භාෂාව හැසිරවීමට අවශ්‍ය වන්නේ ශබ්ද අනු 11ක් පමණි. මේ සීමිත ශබ්ද අනු සන්ඛයාවෙන් සාදන වචන හඩ අඩු වැඩි කර දක්වමින් විවිධ තේරුම් එන පරිදි හසුරුවන්නට පිරාහාවරුන්ට හැකිය. ඉදිරි වසර 50 තුල පිරාහා ගෝත්‍රය වද වී යැමට නියමිතය. එහෙත් ඔවුන්ගේ බස වද වී නොයන්නේ එය දැනටමත් විද්වතුන් විසින් අනුවෙන් අනුව,වචනයෙන් වචනය පරිගණකවල ගබඩා කරගෙන ඇති නිසාය.

පිරාහාවරුන් පවුලක්


Twitter Bird Gadget