Blogger Templates

Sunday, September 16, 2012

පිටසක්‌වල ජීවීන්


වෙනත් ප්‍රාණීන් සිටින ග්‍රහලෝක සෙවීමේ අරමුණින් නාසා ආයතනය මගින් මීට දින 136 කට පෙර ගුවන්ගත කරන ලද කෙප්ලර් දුරේක්‍ෂය අභ්‍යාවකාශයේ ජීවය නොමැති සංකල්පය සැබෑ කරවන සාධක රැසක්‌ ඉදිරිපත් කර තිබේ. ක්‍ෂීරපථය (කිරි සයුර) ලෙස හඳුන්වන අපේ චක්‍රාවාටයේ පිහිටි සිග්නස්‌ නමැති තරු පන්තිය ආශ්‍රයෙන් සෞරග්‍රහ මණ්‌ඩල 1235 ක්‌ සොයා ගැනීමට එම දුරේක්‍ෂයට හැකිව තිබේ.නාසා ආයතනය මගින් කරන ලද අධ්‍යයන මාලාවක්‌ මගින් හෙළිකර ගෙන ඇති කරුණුවලට අනුව අපේ චක්‍රාවාටයේ ඇති තාරකා සමූහයෙන් සියයට 1.2 ක ප්‍රමාණයක්‌ ජීවය ඇති ග්‍රහ ලෝක තිබේ. මේ ගණන බිලියනයක්‌ පමණ වනු ඇත. ඒ අතර අපේ චක්‍රාවාටයේ මධ්‍යයෙහි ජීවය සහිත ග්‍රහලෝක බොහෝමයක්‌ තිබීමට ඉඩ ඇතැයි සොයාගෙන ඇත. පෘථිවිය පිහිටා ඇත්තේ අපේ චක්‍රාවාටයේ පිටත වළල්ලෙහි ය.කිසියම් චක්‍රාවාටයක මධ්‍යයෙහි පිහිටි ග්‍රහලෝක, එම මධ්‍යය විසින් ඇති කරනු ලබන නිරන්තර පිපිරීම් නිසා ජීව බිහි කිරීමට වුවමනා සාධක සම්පාදනය කරයි.ග්‍රහලෝකයක සම්භවය හට ගන්නේ එහි ඇති ලෝහ අංශු මගිනි. කිසියම් ග්‍රහලෝකයක ලෝහ ප්‍රමාණය එහි ඇතුළත් ස්‌ථරයත් ශක්‌තිමත් වන අතර සිසිල්වීමෙන් පසු ජීවය ඇතිවීම සඳහා සුදුසුකම් ලබයි. මේ මූල ධර්මය පදනම් කරගෙන අපේ චක්‍රාවාටයේ ලෝහ ප්‍රමාණය බහුලව පවත්නා ග්‍රහ වස්‌තූන් පිළිබඳව සෙවීමට විද්‍යාඥයෝ කටයුතු කරති. අපේ චක්‍රාවාටයේ තිබෙන තාරකාවලින් වැඩි හරියක්‌ සුපර්නෝවා තත්ත්වයට පත්වී පුපුරා යැමේ අවදානමෙහි පසුවන බව විද්‍යාඥයන්ගේ මතයයි.



No comments:

Post a Comment

Twitter Bird Gadget