Blogger Templates

Saturday, October 27, 2012

මෙතෙක් නුදුටු විස්මිත දසුන්

මේ රූප කැමරාවට නඟා තියෙන්නේ සාමාන්‍ය ක‍්‍රමයට නෙවෙයිනවීන චතුර්මාන (4Dතාක්ෂණය යොදා ගෙනයි.වැඞීමෙන් පසු වෙනස් වෙනස් සතුන් බවට පත් වුනත් මේ බබාලා බොහෝ විට එක වගෙයි. සත්වලෝකය තුළ ජීවිතයේ ආරම්භය කොයි තරම් විශ්මයජනක ලෙස සමානද?විප්ලවකාරී චතුර්මාන (4Dපරිලෝකන තාක්ෂණය යොදා ගෙන ගත් මේ ඡායාරූපවලින් ඔබට ඒ සතුන්ගේ ගර්භාෂ තුළට එබී බලන්න දැන් පුළුවන්. විද්‍යාඥයන් විසින් මෙම තාක්ෂණය භාවිත කරමින් ගන්නා ලද ප‍්‍රථම ඡායාරූප පෙළ මෙයයි. එකිනෙකට වෙනස් සතුන් කීප දෙනකු ම මේ සමග ඉන්නවා. අලියාබල්ලාඩොල්පින් හා පෙන්ගුවින් බබාලා මෙලොව එළිය දකින්නට පෙර ඔවුන්ගේ අම්මලාගේ කුස තුළ වර්ධනය වූ හැටි ඔබට මේ රූපවලින් දැක ගන්න පුළුවන්.


ආසියානු අලියාගේ භ‍්‍රෑණයා 12 මසක් මවු කුස තුළ වැඩුණු පසු පෙනෙන්නේ මෙහෙමයි. තවත් මාස දහයකින් මේ පැටියා උගේ බර අඩි තියමින් මිහිමත ඇවිදින්නට පටන් ගනීවි. කෙණරකගේ ගැබ් කාලය මාස 22කි.


තවමත් නූපන් මේ බලූ පැටියා දැන්ම ජීවිත සටනට එළියට එන්න සූදානම් වගේ පෙනුනත් උගේ සම්පූර්ණ ගර්භාෂ කාලය සති නවයක්.

විද්‍යාඥයන් විප්ලවකාරී නවීන චතුර්මාන තාක්ෂණය යොදා ගෙන මේ පින්තූර ගත්තේ නැෂනල් ජ්‍යොග‍්‍රෆි සඟරාවේ “ ගැබ තුළ වැඩෙන සුවිශේෂ සතුන් ” (Extraordinary Animals in the Womb) නම් වාර්තා චිත‍්‍රපටය කැමරාවට නඟද්දීයි. මේ ඡායාරූප ගැනීම සඳහා ති‍්‍රමාන අතිධ්වනි පරිලෝකන යන්ත‍්‍රයක් (ස්කෑනරයක්), පරිගණක ග‍්‍රැෆික් මෘදුකාංගයක්, සතා ගැබ් ගත් තැන් සිට බිහිකරන තෙක් කාලය තුළ වර්ධනය වන හැටි රූගත කළ හැකි කුඩා කැමරා කීපයක් යොදා ගැනුණා. ඒවා එක්ව ලබා ගත් මේ රූප පෙළ මෙතෙක් ලොව දක්නට නොතිබුණු අප කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයේ එකක්.මේ රූප පෙළ ම තමයි, බි‍්‍රතාන්‍යයේ ‘චැනල් 4’ රූපවාහිනි මගින් පසුගිය දා විකාශය කෙරුණු “ ඇනිමල්ස් ඉන් ද වූම්බ් ” (Animal in the womb)නම් වාර්තා චිත‍්‍රපටයටත් යොදා ගැනුනේ.


මේ ඩොල්පින් බබා කැමරාවට හිනා වෙන්නේ එළියට එන්න ලෑස්තියි කියනවා වගෙයි.



මවගේ ගර්භාෂය තුළ තාම නිදිමතේ සිටින මේ බලූ පැටියාගේ ඉරියව්වත් අනෙක් කලලයන්ට බොහෝ සේ සමානයි.



පෙන්ගුවින් පැටියා මවගේ ගර්භාෂයෙහි බිත්තරයක් තුළ ඉන්නේ මෙහෙමයි. දින 63ක බීජෞෂණ සමය අවසානයේ දී බිත්තරය දමන පෙන්ගුවින් මව එය පියාට බාර දී කෑම සොයා යයි. බිත්තරය රකින්නේ පියායි.


Sunday, October 21, 2012

සොබා ධර්ම මාතාවගේ අපුරු මැවීමක් ,,,

එක විෂ බිංදුවකින් මිනිසුන් 100ක් මැරිය හැකි ලොව විසකුරුම නයා.

ටයිපෑන් (Taipan) නමැති මේ නාග වර්ගය සතු විශේෂත්වයක් තිබෙනවා. එනම් එක් දෂ්ට කිරීමකදී ඒ සතා නිකුත් කරන විෂෙන් පුද්ගලයන් 100 දෙනෙකු මැරීමටත් මීයන් 250000ක් මැරීමටත් හැකියාව තිබීමය. මේ නයකු විසින් දෂ්ට කෙරුණු කෙනෙකු විනාඩියක් තුල මිය යනවා. වැඩිම වුවහොත් විවිධ ප්‍රතිකාර මධ්‍යයේ විනාඩි 45ක් ජීවිතය අල්ලාගෙන සිටීමට දෂ්ට කිරීමට ලක්වූ  තැනැත්තාට පුළුවන්. මේ නාග වර්ගයේ නිජභූමිය වූ ඔස්ට්‍රෙලියාවේ නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් යන ප්‍රදේශයන්ය.  Taipan නාග වර්ගය අඩි 8ක් පමණ දිගය. මිලිමීටර් 12ක් දිග විස දළ උට තිබෙනවා. මේ නයා විසින් දෂ්ට කරනු ලැබූ මිනිසුන් ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. හේතුව මේ නයා මිනිසුන් සිටින පළාතකවත් සිටීමට අකැමැති,මිනිස් ගදක් දැනෙන විට සැතපුම් ගණන් දිවගොස් සැගවෙන නාග වර්ගයක් වීමයි. මේ නයාගේ විෂ මගින් ස්නායු පද්ධතියට වහාම හානි සිදුවන අතර දෂ්ට කිරීමට ලක්වූ පුද්ගලයා අංශභාග රෝගියෙකු බවට පත්වනවා. ඊළගට ඔහුගේ වකුගඩු අක්‍රියාකාරී වනවා. ඊළග අවස්ථාව වන්නේ ශරීරයේ සංවේදන ඉන්ද්‍රින්වලින් මොළයට යන පණිවුඩත්,මොළයේ සිට ශරීරයේ මාංශ පේෂීන් වෙත එන පණිවුඩත් Block වීමයි. මේ තත්වය පෙනහළුවලට බලපාන්නට පටන් ගත් විට හුස්ම හිරවී තුවාලකරු මිය යනවා. Taipan  නාගයන් දෂ්ට කල අයට දෙන  Anti Venom ඖශදය ඉතා ප්‍රබල එකක්. එය මේ වර්ගයේ දෂ්ට කිරීම්වලට වලට විශේෂ වන අතර Taipan නාගයාගෙන් ගන්නා විෂ මගින්ම සාදනු ලබනවා. 





Sunday, October 14, 2012

Before it is too late...

This is awesome article who wrote by Mother Nature. First a fall you read and then think about what was she saying…

Dear children,

I was silent over all these years, just observing your actions. I tried to make you understand how I feel, by responding in my own way, but you never did. You must be wondering why I am trying to explain all these things in your way. It is because I am now ageing after bearing with patience and suffering inside, all your mischief. This pestering cancer will kill me soon if you still will not mend your ways. Your belief that world will be destroyed in December 2012 will be truth if I had not changed my mind of killing you and myself because a mother can neither see her children be wronged, nor live with out them. You must know already who are being wronged and by whom..

Let me take you back to Tsunami day of 2004.Did you notice that happened after a day which demanded to be celebrated holy? Many of you did not. Lord whom I pray was born amidst warmth of a family of animals whom you killed for flesh that day. I heard their cries and I cried too that my tears over flew through ocean. I regret that I took the lives of whom those are not responsible for the crime. Celebrate innocently hereafter for the light your souls are gifted with, not misled by the Dark that is trying to rule over you.

They, some of my sons whom I blessed with another religion so precious have also forgotten the values I wanted them to learn. They do not know how they will suffer for killing a new born girl child, raping that beautiful youth and wronging the creator of a world. I am asked to punish one of your brothers too, by making his land a desert, not to revenge, but just wanting him to stop brutality. I don't understand, why female circumcision? Girl is perfect the way I gave her the beauty. Every moment you shed her blood by cutting her rights, I bleed too with pain.

To the elder brothers of the former mentioned, I gifted the religion of which the follower can create the most powerful impact by helping the humanity. What they earn, part should be shared. I wonder why the originality of this religion is forgotten and a few being wronged by Dark now struggles to get the others to dark too. Never please. Killing the children of nature for your greed is not religion, nor when you destroy other religions or when you wrong the female world. Come to light, else you will be in hell of dark forever.
Not all do wrong, but the injustice created by a few can take the whole world to its end. The ultimate truth of universe is taught in name of a religion too. This truth, no one can change, not even the ones who do not accept on reincarnation and the ring of karma. Be wise my children, never let hands of wrong block your vision of arriving at universal calm.

I wrote to you before it is too late. I have only one wish. May you all be enlightened and the nature be of its way to let the truth flow its way. Decision is yours my kids, if to live good and be enlightened or to live bad and be entrapped in the ring of suffering.

Yours ever-loving,
Mother Nature.



Monday, October 8, 2012

පිය සෙනෙහසට කවී ගී ලියවුනා මදි.......

මෙය බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කරන සමයේ සිදු වූ සිද්ධියකි. පම්බන් පාලම ඉන්දියාවේ තමිල්නාඩුවේ ඇති පාලමකි. මෙම පාලම ආරම්භ වන ස්ථානයේ ඔබට වැලපෙන මිනිසෙකු මිනිස් ශරීරයේ කොටස් තම පපුව ආසන්නයට ඔසවාගෙන සිටින ආකාරයේ ස්මාරකයක් දැකිය හැකිය... මේම පම්බන් පාලම හා බැදුණු පිය පුතු සත්‍ය සිදුවීමක්...

මෙම පාලම ඉදිකරන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේ වන අතර මෙම පාලමේ විශේෂත්වය නම් මෙහි මැද කොටස විශාල යන්ත්‍රයක ආධාරයෙන් ඉහලට එසවිය හැකි වීමයි. එවිට මුහුදේ යාත්‍රා කරන නැව් ආදියට පහසුවෙන් පාලමට යටින් යාත්‍රා කල හැකි වේ. පාලම මතින් දුම්රිය මාර්ගයක් ගමන් කරයි.

නැවක් යාත්‍රා කරන විට මෙහි වූ යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම එසවීම භාරව සිටියේ මැදිවියේ මිනිසෙකි. දිනක් නැවක් පාලම යටින් ගමන් කර මද වෙලාවකින් ඔහු දුටුවේ ඇතින් දුම්රියක් සෙමින් සෙමින් පාලම දෙසට පැමිණෙන ආකාරයයි. ඔහු විසින් පාලම හැකි ඉක්මනින් පහත කල යුතු වූ අතර එසේ නොමැති වුවහොත් දුම්රිය අනතුරට පත් වී දහස් ගණනක් මගීන් අනතුරට පත් විය හැකිව තිබුණි.

මේ අවස්ථාව වන විට ඔහුගේ වයස අවුරුදු 9ක් වන කුඩා පිරිමි දරුවා පියාගේ දිවා ආහාරය රැගෙන පැමිණියේය. තම පියා පාලම පහත් කිරීමට අපහසුවෙන් යන්ත්‍රය ක්‍රියාත්මක කරන ආකාරය දුටු කුඩා පිරිමි දරුවා දිවා ආහාරය පසෙකින් තබා තම පියාට සහාය දීමට යන්ත්‍රය අසලට පැමිණියේය.  ගත වුවේ මද වේලාවකි,කුඩා පිරිමි දරුවාගේ ඇගිල්ලක් යන්ත්‍රයේ දැති රෝද අතර සිර වුනි,ඔහු මහා හඩින් වැලපුනේය. මේ අවස්ථාවේ ඔහුගේ පියා තම දරුවා බේරාගැනීමට පැමිණියහොත් ඔහුට පාලම පහත් කිරීමට කාලය ප්‍රමාණවත් නොවේ,එම නිසා කුඩා පිරිමි දරුවාගේ හැඩීම නොසලකු ඔහු දිගින් දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම පහත් කරවිය. දරුවා මැදින් මද යන්ත්‍රය දෙසට ඇදී ගියේය. පියාගේ නෙතින් කදුළු කැට කඩා වැටුණු අතර ඔහු මහා හඩින් වැලපෙන අතර දරුවාගේ හැඩීම නොසලකා දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කළේය. ඔහු දරුවා බෙර ගැනීමට ක්‍රියා කළහොත් පාලම පහත් කිරීමට කාලය ප්‍රමාණවත් නොවන අතර දහස් ගණනක් මගීන් මුහුදට වැටී මිය යනු ඇත. කුඩා පිරිමි දරුවා සම්පුර්ණයෙන්ම යන්ත්‍රය තුලට ඇදී ගියේය. ඔහුගේ අස්ථි යන්ත්‍රයේ දැති රෝද වලට හසුව බිදෙන ශබ්දය පියාට ඇසුනි.   

මද වෙලාවකින් මගීන් දහස් ගණනක් රැගත් දුම්රිය නිරුපද්‍රිතව පාලම මතින් ගමන් කල අතර යන්ත්‍රය තුලින් තම පුත්‍රයාගේ සිරුර ඉවතට ගත් ඔහු මහා හඩින් වැලපෙන්නට විය.


අවංකව තම රාජකාරිය ඉටු කල මිනිසාට තම එකම පුත්‍රයා අහිමි විය. පසුව බ්‍රිතාන්‍ය පාලකයන් තම රාජකාරිය අවංකව ඉටු කල එය මිනිසාට ගරු කිරීමට එම ස්ථානයේ ස්මාරකයක් ඉදි කලෝය.
කදුලක් දෙනෙතට නැගුනත් මෙලොව සිටින කිසිම කෙනෙකු කැප නොකරන කැප කිරීමක් මේ පුද්ගලයා තම රට වෙනුවෙන් කිරීම සමස්ත ලෝවැසියන් විදිහට අපි අගය කලයුතු නොවේද???

Saturday, October 6, 2012

අසීමිත ප්‍රේමයක්

අවංක ආදරයක් මිනිස් සමාජයේ දැන් කාලේ හොයාගන්න ඇත්තටම අමාරුයි. මේ කතාව බලු මිනිස් හිතවත්කමක් ගැන...... මේ වගේ මනස්කාන්ත සිදුවීම් තමයි හැමදාමත්  මේ ලෝකය වර්ණවත් කළේ. ලස්සන තැනක් කාලේ.

මේ කතාව වාර්තා වෙන්නේ ඇමෙරිකාවේ විස්කොන්සින් (Wisconsin) නගරයෙන්. ජෝන් අන්ගර් (John Unger) කියන පුද්ගලයා සහ ඔහුගේ සුරතල් සුනඛයා ශ්රුප් (Schreep) තමයි කතාවේ චරිත දෙක. මිට වර්ෂ 19 කට කලින් ජෝන් තම පෙම්වතිය සමග ගොඩක් ආදරෙන් බැදිලා හිටියා. මේ කාලේදී දෙන්න පුංචි බලු යාළුවෙක් හදාගන්න තීරණය කළේ. මාස 8ක විතර සුරතල් බලු පැන්චෙක් මේ දෙන්නට හම්බ වුණා. ඊට පස්සේ  එයාට නම තිබ්බ "ශ්රුප්" කියලා. "ශ්රුප්" කියන්නේ විස්කොන්සින් නගරයේ ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් සහ පැණි රස වෙළද නාමයක්. මේ දෙන්නාගේ ආදරයේ සංකේතය වුනේ ශ්රුප්. මෙහෙම කාලයක් ගත වුණා. හරියටම අවුරුදු 10කට පස්සේ ජෝන් සහ ජෝන්ගේ සහකාරිය වෙන් වෙන්න තීරණය කළා. මේ තීරණය නිසා ජෝන් ගොඩක් කණස්සල්ල පත්වුණා. ජෝන් කියන විදිහට එය වේදනා සහගත මොහොතක්. මේ කණස්සල්ල නිසාම ජෝන්ට සිය දිවි හානි කරගන්නත් සිතී තිබෙනවා. මේ සියලු වේදනාත්මක දේවල් වෙනකොට තමන්ට හෙවනැල්ල වගේ හිටියේ එකම කෙනයි. ඒ තමා "ශ්රුප්". තමන්ගේ දුක බෙදාගෙන නිතරම තමන් ළග දැවටෙමින් ශ්රුප් තම ආදරණිය ස්වාමියා ලගින්ම හිටියා. ඒ ආදරය තම සහකාරියගේ ආදරේ පරයා යන මට්ටමට තිබුණා. මේ නිසා තමයි අද මම ජිවත් වෙන්නේ කියලා ජෝන් පවසනවා.

දැන් ශ්රුප් ට වයස 19 ක්. එයට වයසයි. අසනීප ගතියෙන් තමයි ඉන්නේ.  එයාට හන්දි අමාරුව වගේම ආතරයිටිස් තත්වයකින් පීඩා විදිනවා. මේ තත්වයත් එක්ක ශරීරයේ බර දරන්න අමාරුයි. එහෙම වෙද්දී දෙපාවලට දැඩි වේදනාවක් දැනෙනවා. සාමානයෙන් මිනිසුන්ට වුනත් වයිද්යවරු  නිර්දේශ කරනවා. ජලයේ සිටීමෙන් ශරීරයේ බර දැනෙන ප්‍රමාණය අඩුවන බව ජෝන් පවසනවා. 

තම සෙවනැල්ල මෙන් සිටි මිතුරාට කාලගුණ සලකන්න ජෝන් ඔහුව රැගෙන සුපිරියර් (Superior) විලට යනවා. ශ්රුප්ව තම සිරුර මත තබා ගනිමින් ඔහු ජලය මත බැසගෙන සිටිනවා. තම සිරුරේ බර නොදැනීම නිසා වේදනාව අඩු වී සුනඛ මිතුරා ජෝන්ගේ ශරීරය මතම නිදා ගන්නවා. සමහර වෙලාවට මේ ආකාරයෙන් පැය ගණනක් ජෝන් සිටිනවා. මේ සුන්දර අවස්ථාව ජයාරූප ගතකලේ ජෝන්ගේ මිතුරියක් වන හානා ස්ටෝන්නවුස් හඩ්සන් (Hannah Stonehouse Hudson) විසින්. ඇය ජයාරූප ශිල්පිනියක්. 


මෙම ජයරුපයෙන් අවංක ආදරය,කාරුණික බව මිනිසෙකු සහ සුනඛයා අතර ඇති විශිෂ්ට සබදතාව මානව පැහැදිලි වන බවටයි හානා ප්‍රකාශ කලේ. ලොව පුර මිලියන ගණනක් දෙනා එය නරබා ඊට තම ප්‍රතිචාර ද දක්වා තිබුණා. ලොව පුර ජනතාවගේ හදවත් කම්පා කළ කදුලකින් නෙත තෙමුණු දසුනක් බවටයි මෙය පත්වුණේ. තමන්ට එදා සවිය ගෙන දුන් මේ පාද හතරේ මිතුරාට කලගුණ දක්වන්න ජෝන් කළ මේ සද්ක්‍රියව මිනිස්කමේ සැබෑ පෙනුමද ලෝකයටම අභිමානයෙන් එළිදරව් කරනවා. 


Twitter Bird Gadget