Blogger Templates

Tuesday, March 4, 2014

ලොව වීදි

ලොව කෙටිම වීදිය

ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී ඇත්තේ ස්කොට්ලන්තයේ එබනීසර් වීදියයි. මෙය මීටර්2.06 (අඩි 6 අඟල් 9 ක්) ක් පමණි. එබනීසර් වීදිය ලොව කෙටිම වීදිය ලෙස නම් කෙරුණේ 2009 වසරේදීය. එබනීසර් වීදියේ ඇත්තේ එක ලිපිනයකි. එය බි‍්‍රස්ටෝ නමැති හෝටලයයි. 1883 වසරේදී එබනීසර් වීදිය සකස් කළේ බි‍්‍රස්ටෝ හෝටලයට දිවෙන මාර්ගය ලෙසින් වුවද පසුව 1887 දී එය නිල වශයෙන් වීදියක් ලෙස නම් කැරිණි. ඊට පෙර ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී තිබුණේ ලැන්කැෂයර්හි එල්ගින් වීදියයි. එය මීටර් 5.2 කි. (අඩි 17 කි).



ලොව පටුම වීදිය

ලොව පටුම වීදිය වන්නේ ජර්මනියේ රොටිලිංගන් නගරයේ පිහිටි ස්පෙයුරෝෆ් වීදියයි. එය සෙන්ටි මීටර් 31 ක් පමණි. (අගල් 12.2 කි) මෙම වීදිය සකස් කළේ 1727 රොටිලිංගන් නගරයේ මහා විනාශයක් සිදු කළ ගින්නෙන් පසුවය. ජර්මනියේ ඉඩම් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් එය නිලවශයෙන් වීදියක් ලෙස නම් කරනු ලැබුණි.


වඩාත් සංකීර්ණ හරස්වීදි සහිත මාර්ගය

මෙය ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ‘ හැරී පෙගර්සන් මාර්ගයයි. මාර්ග රැසකට පිවිසීමටත් මාර්ග රැසකින් පිටවීමත් සිදුවන්නේ ‘ හැරී පෙගර්සන්’ හරස් මාර්ගය හරහාය. ප‍්‍රාන්ත හරහා දිවෙන අධිවේගී මාර්ග කිහිපයක් ද මෙම හරස් මාර්ගය මැදින් වැටී ඇත. මෙම මාර්ගය විවෘත කළේ 1993 දීය. මේ මාර්ගය හරහා මහල් හතරක් ලෙසින් ගුවන් පාලම් ද ඉදිකර තිබේ. ඒවායේ වාහන ගමනා ගමනය සීමා කර ඇති අතරම ඒවායේ ගමන් කිරීමට අවසර ලැබෙන්නේ උසින් වැඩි ට‍්‍රක් සහ බස් රථ වැනි වාහනවලටය.



වඩාත් වංගු සහිත වීදිය

මෙම වීදිය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර රුසියන් හිල් නමැති කඳු බෑවුම දිගේය. අංශක 27 ක ඇලවුණු බෑවුමක් ඇති නිසා මෙම වංගු සහිත මාර්ගය ඇතැම් වාහනවලට අනතුරුදායකය.1922 සිට 1923 වසර තෙක් මෙම වීදිය ලොම්බාඞ් වීදියේ කොටසක් ලෙස සැලකිණි. ඉතා අසීරු වංගු 8 කින් මෙය සමන්විතය. වාහනවලට ගමන් කළ හැක්කේ පහළට පමණි. ඒනැගෙනහිර දෙසට විහිදෙන ලිවෙන්වෝත් වීදියටය. මාර්ගයේ යා හැකි වේගසීමාව පැයට කිලෝ මීටර් 8 කි. (පැයට සැතපුම් 5 කි).


විශාලතම බෑවුම සහිත වීදිය

නවසීලත්තයේ දකුණුදිග ඩුනේඩින් නගරයේ බොල්ඞ්වින් වීදිය ලොව වඩාත් බෑවුමක් සහිත වීදියයි. මීටර් 2.86 ක් තිරස් අතට පිහිටි මෙය නිවෙස්වලට දිවෙන වීදියකිත මුහුදු මට්ටමේ සිට අඩි 98 ක් ඉහළින්මීටර් 350 ක් (අඩි1,150) දිග බෝල්ඞ්වින් වීදියලිඞ්න්සී කී‍්‍රක් නිම්නය හරහා වැටී තිබේ.


ලෝකයේ පළල්ම මාර්ගය

ආජන්ටිනාවේ බූවනෝස් අයර්සිහි පිහිටි අඩි 300 ක් පළල් ‘9 හූලියෝ වීදිය’ ලොව වඩාත් පළලතම මාර්ගය ලෙස සැළකෙයි. මං තීරූ 12 කින් සමන්විත මෙම මාර්ගය හරහා යෑමට පදිකයන්ට මාර්ග සංඥා තුනක් මෙන්ම සහ කහ ඉරි කිහිපයක් ද පසුකිරීමට සිදුවේ.


ලෝකයේ දිගම වීදිය

ලොව දිගම වීදිය ලෙස සැලකෙන්නේ කැනඩාවේ යංග්’ නමැති වීදියයි. කැනඩාවේ ටොරෙන්ටෝ නුවර ඔන්ටේරියෝ විල අද්දරින් දිවෙන මෙම මාර්ගය සිම්කෝ විල තෙක් විහිදී පවතී. ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇති මෙම මාර්ගයේ දිග කිලෝ මීටර් 1,896 කි. (සැතැපුම් 1,178 කි.)


ලෝකයේ විශාලතම වටරවුම පිහිටි මාර්ගය 

ලොව විශාලතම වටරවුම පිහිටා ඇත්තේ මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර පුත්රජයාහිය. එම වට රවුම කිලෝ මීටර් 3.4 ක් දිගය. සුන්දර කඳු ගැටයක් සහ උද්‍යානවලින් අලංකාර වූ සොබා සෞන්දර්යයෙන් පිරුණු තැනක මෙම වට රවුම පිහිටියේය.


ලෝකයේ වංකගිරි වට රවුම
එක්සත් රාජධානියේ ස්වින්ඩන් නුවර පිහිට වට රවුම රියදුරන්ගේ පමණක් නොව පදිකයන්ගේ ද ඔළුව අවුල් කරන වට රවුමක් ලෙස ගිනස් වාර්තා අතරට එක්වී තිබේ. මෙය මැජික් වට රවුම ලෙසින් ද හැඳින්වේ. 1972 වසරේ ඉදිකළ මෙහි කුඩා වට රවුම් පහක් ඇත. මෙයට මැජික් වට රවුම යන නම ලැබුණේ. ජනපි‍්‍රය ළමා වැඩසටහනක් නිසාය.











Wednesday, February 19, 2014

කාන්තා මොළය සහ පිරිම් මොළය

කාන්තා මොළය ස්වාභාවිකවම නිර්මාණය වී ඇත්තේ බහුවිධ කාර්යයන්හි නියැලීමට හැකි අයුරින් බව විද්‍යඥයින් පිරිසක් සිදුකළ පරීක්ෂණයකින් තහවුරැ වී තිබේ.  පුද්ගලයින් 949ක් යොදගෙන ඔවුන්සිදුකළ ස්කෑන් පරීක්ෂණ වලින් මේ බව අණාවරණය කරගෙන ඇත. ඒ අනුව පිරිමින්ට සංකීර්ණ කාර්යයන් සිදුකිරීමට හැකි අයුරින් මොළය සැකසී ඇති බවත් තහවුරැ වී තිබේ.


කාන්තා මොළය


පිරිම් මොළය

National Academy of Science නැමැති බ්‍රිතාන්‍ය ආයතනය මගින් සිදුකළ මෙම පරීක්ෂණයේදී පිරිමින් මොළයේ ඉහළ කොටසත්,ගැහැනුන් මොළයේ පහළ කොටසත් වැඩිපුර වෙහෙසවමින් කටයුතු කරන බවද සොයාගෙන ඇත. මෙම පරීක්ෂණය සඳහා යොදාගත් පුද්ගලයින් 949 දෙනාගේ මොළය අධිතාක්ෂණයෙන් යුතු MRI යන්ත්‍ර හරහා ස්කෑන් පරීක්‍ෂණවලට ලක්කරමින්මොළයේ විවිධ ප්‍රදේශයන් අතර සම්බන්ධතාවන් සිදුවන ආකාරයේ සිතියමක් සකසා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ. මෙම පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයින් පවසා ඇත්තේ කාන්තාවන්ගේ මොළයේ දකුණු හා වම්පස අතර හොඳ සබඳතාවක් පවතින බවයි. පිරිමින්ගේ මෙය මොළයේ ඉදිරිපස හා පසුපස අතර දැකගත හැකි බවත්එයින් පිරිමින්ට ක්‍ෂණිකයෙන් තීරණ ගැනීමේ හැකියාව ලැබී ඇති බවත් එම විද්‍යාඥයින් අදහස් කරයි. මෙම පර්යේෂණය සඳහා සහභාගී වූ Pennsylvania සරසවියේ මහාචාර්යය රාගිනී වර්මා පවසන්නේ පරීක්ෂණයට ලක්කළ පුද්ගලයන්ට තර්කානුකූලව හා සහජ ඥානයෙන් තීරණ ගතහැකි අයුරේ ප්‍රශ්න හා ගැටලු යොමුකරමින් අදාළ ස්කෑන් පරීක්ෂණ සිදුකළ බවයි. එහිදී කාන්තාවන් වැඩි වශයෙන් මෙම තීරණ ගැනීමට දස්කම් දැක්වූ බවද පැවසීය.
මෙම පරීක්ෂණයට ලක්කළ 949 දෙනාගෙන් 428ක් පිරිමින් වූ අතර, 521ක් ගැහැනුන් විය. ඔවුන් වයස 08 සිට 22 දක්වා වී ඇත.මෙම පරීක්ෂණයේදී හෙළිදරව් වූ තවත් දෙයක් වූයේ පුද්ගලයන්ගේ මුහුණු මතක තබාගැනීම ආදී සිදුවීම් වලට කාන්තා මොළය වැඩිවශයෙන් දායක වන බවයි. එසේම කාන්තාවන්ට යමක් පිළිබඳ චිත්තරෑප මැවීමේ හැකියාවන් වැඩි බවද ඔවුන් සොයාගෙන තිබේ.




Friday, May 3, 2013

**සොළොස්මස්ථාන**


ගෞතම බුදුරඡාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පුඡනීය වු සොළොස්මස්ථාන

1-මහියංගනය

ශ්‍රී ලාංකේය වංශ කතාවලට අනුකුලව ගෞතම බුදුරඡාණන් වහන්සේගේ සිරිපා පහස ලැබු
 මුල්ම ප්‍රදේශය මහියංගනයයි. බුදත්වයෙන් නව වන මාසයේ දුරැතු පස‍ළොස්වක පොහොය දිනක බුදුරඡාණන් වහන්සේ යක්ෂ ගෝත්‍රික මිසදිටුවන්දමනය කර ලක්දිව බුදු සසුන පිහිටුවිමට සුදුසු දේශයක් බවට පත් කලා මහාවංශය කියයි. බුදු බණ අසා සෝවාන් වු සුමන නම් දේව රාඡයා බුදුන් ගෙන් පුඡණීය වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදී ලැබු කේෂ ධාතු බුදුන් වැඩසිටි ස්ථානය තුළ සත් රියන් චෛත්‍යක් කරවීය.එතැන් පටන් එය මහියංගන චෛත්‍ය හෙවත් මියුගුන සෑය ලෙස නම් විය.පසු කලෙක බුදුන්ලගේ ග්‍රීව ධාතුව තැන්පත් කරමින් විශාලත්වයෙන් යුතුව දුටු ගැමුණු රඡු විසින් චෛත්‍ය පිළිසකර කර ඇත.


2-නාගදීපය

නකදිව් නමින් සෙල්ලිපි වල සඳහන් නාගදීපයට බුදුරඡාණන් වහන්සේ වැඩම කරන ලද්දේ
 බුදත්වයෙන් පස් වන වර්ෂයේය.චූලෝදර,මහෝදර යන නාග ගෝත්‍රික රඡුන් දෙදෙනා අතර පැවති අරගලය සංසිඳුවිමට බුදු රඡාණන් වහන්සේ නාගදිපයට වැඩම කරන ලදී.එහිදි කරැනු අවබෝධ කරගත් රඡවරැ මැණික් පුටුව බුදුරඡාණන් වහන්සේ‍ට පුඡා කළහ.අවසානයේදී පූඡා වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදි උන්වහන්සේ මැණික් පුටුවෙහි වැඩහිඳ පාරිභෝගික වස්තුවක් වශයෙන එම පුටුව නාගයන්ට පැවරැහ.නාගදීපයේ මුලික සිද්ධස්ථානය ගොඩනැගුනේ එම අරගලය බුදුරදුන් විසඳු ස්ථානයේදිය.එම ස්ථානය අදටත් නිශ්චය කර නොමැත.



3-කැළණිය

බුදු රඡාණන් වහන්සේ බුධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රඡුගේ ආරාධනාවකට අනුවය.එම රඡු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය.කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි.කැළණි විහාරය කැළණි තිස්ස රාඡ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.


4-ශ්‍රී පාදස්ථානය

බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවෙහි සමන්ත කූටයට වැඩම කර එහි සිරිපා සටහන් තැබු බවට අප‍ගේ පිළිගනිමයි.එසේම සොළොස්මස්ථානයට අයත් වු දිවා ගුහාවද සිරිපා අඩවිය ආසන්නයේම වන බව සැලකේ.කකුසඳ,කෝණාගම,කාශ්‍යප,ගෞතම යන සතර බුදු වරයන් වහන්සේගේම සිරිපා සටහන්සිර්පාදස්ථානයේ වන බව "අඔගමු"ලිපියේ සටහන් වේ.


5-දිවාගුහාව

සමනල කඳු සිරසෙහි සිරිප සලකුණ පිහිටවූ බුදුන් වහන්සේ පර්වත පාදයෙහි සමාධියෙන් වැඩසිට දිව විහරණය කල ස්ථානයයි. නිශ්ශංක මල්ල රජතුමා වැඳුම් පිදුම් කල ගිරි ලෙනකි.


6-දීඝවාපිය

බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කල අවස්ථාවේ දීඝවාපිය චෛත්‍ය වන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ. ක්‍රි.පු 137 දී සද්ධා තිස්ස රඡතුමා විසින් කරවු දීඝවාපි චෛත්‍ය තුළ බුදුරඡාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බව මහා වංශයේ සඳහන් වේ. එළාර දුටුගැමුණු සටනේදීසිංහල සේනාවන්ට සහල් සපයන ලද්දේ මෙම ප්‍රදේශයෙනි.


7-මුතියංගනය

දේවානම් පියතිස්ස රඡතුම ශ්‍රී මහා බෝධියේ දෙතිස් එල බෝධීන් වහන්සේලාගෙන් එක නමක් රෝපණය කරවා සර්වඥ ධාතුන් නිධන් කරවා ඇත.


8-තිස්සමහාරාමය

බුදු රඡාණන් වහන්සේ තුන් වැනි ලංකා ගමනේදී සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ.බුදු රඡාණන් වහන්සේගේ ලලාට ධාතුව මෙහි තැන්පත් කර ඇති බව විශ්වාසයක් පවතී. ක්‍රි.ව. 218 දී කාවන්තිස්ස රඡතුමා විසින් කරවන ලදී.


9-ඡය ශ්‍රී මහා බෝධිය

දඔදිව බුද්ධගයාවේ පිහිටි ඡය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙයයි.සංඝමිත්තා රහත් මෙහෙනිය ශ්‍රී ලංක්වට වැඩම කිරිමෙන් පසුව දෙවන පෑතිස්ස රඡු විසින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදී.
සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු සහ දෙවන සති දෙක ගත කළේ ද එම ඇසතු වෘක්ෂය ළගය. එසේ උන්වහන්සේ ගත කළේ ඇසතු ගසට කෘත ගුණ සැළකීමටය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසාම, එය බෞද්ධයන්ගේ ගෞරවාධරයට පත්විය. ඇත්තවශයෙන්ම මෙම නාමයේ අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ග ඥානය අදහස් වන බව පැරණි පොතපතෙහි සදහන් වේ.
අනුරාධපුර මහමෙව්නා උයනේ දැනට උඩ මළුව නමින් හැදින්වෙන ස්ථානයේ ඇති පෞරානික බෝධින් වහන්සේ,ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ මුල් ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වේ. එය ශ්‍රී ලංකාවට ගෙනෙන ලද්දේ ක්රි).පූ.3 වෙනි ශතවර්ශයේදී මිහිදු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්රෝමුඛභික්ෂූණීන් විසිනි. එය එසේ ශ්‍රී ලංකාවට එවීමට මිහිදු හිමියන්ගේ උපදෙස් පරිදි ක්රිඑයා කළේ, එකල ඉන්දියාවේ අධිරාජයාව සිටි මිහිදු හිමියන්ගේ සහ සංඝමිත්තා මෙහෙණියගේ පියා වූ ධර්මාශෝක අධිරාජයා විසිනි. ධර්මාශෝකඅධිරාජයාගේ වැඩියෙන්ම ආදරය හා ගෞරවයට පාත්රි වූ වටිනාම වස්තුව වුයේ ශ්‍රී මහ බෝධිය නිසා, එහි දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට ලබා දීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහිත් මෙහි බුදු දහම ව්යාාප්ත කිරිමට ක්රි යා කළ තම පුතා සහ දියණිය කෙරෙහිත් දැක්වු සැළකිල්ල නිසා නොවන්නට එම බෝධි ශාඛාව අප රටට නො ලැබෙන්න බෝහෝ ඉඩ තිබුණි.
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය පිහිටි භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වු ස්ථානයක් බවට මහවංසයේ සදහන් වේ. මේ හේතුව නිසාම එම ස්ථානය ශ්‍රී මහ බෝධිය රෝපණය කිරිමට සුදුසු බව තීරණය කරන ලද්දේ මිහිදු හිමියන් විසින්මය.
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය රෝපණය කරන ලද්දේ ක්රිේ.පූ. 307 ට ආසන්න දිනයක බව, ඉතිහාසඥයන්ගේ අදහසයි. මිහිදු හිමියන්ගේ පැමිණිමට මාස හතරකට පසුව සංඝමිත්තා තෙරණිය බෝධි ශාඛාව රැගෙන ආවාය.
මහමෙව්නා අයනේ බෝධි රෝපණය විශාල ජනකායක් මධ්යනයේ සිදුවිය. එම අත්සවයට ඈත ප්රබදේශවලින්ද ජනයා පැමිණි බව වාර්තා වෙයි. රැහුණු කතරගම හා සදුන්ගම කෂ්ත්රිවයන්ගේ පැමිණිම ද සදහන් වේ. ඔවුන් බුදු රජාණන්වහන්සේගේ ඥාතිවරුන් ලෙස සැළකිය හැකි බව සනාථ වේ. එසේ නොවන්නට නම් එතරම් දුර බැහැරක සිට අනුරාධපුරයේ පැවති බෝධිරෝපණ උත්සවයට සහභාගි වීමට හේතුවක් නැත.
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය උස් බිමක රෝපණය කර එය වටා පනා බැමි සතරක් ද උඩට නැගීමට පියගැට පෙළක් ද ඉන්පසුව බෝධිය වටා පවුරක් හෝ වැටක් ද ඉදිකළ බව පොතපතෙහි සදහන් වේ.
දේවානම්පියතිස්ස රජු අනුරාධපුර මහමෙව්නා උයනේ ශ්‍රී මහ බෝධින් වහන්සේ රෝපණය කළේය. එම කාලයේදී බෝධින් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ ලෙස සලකනු ලැබීය. පසුකාලවලදී සිංහල රජවරුන්ගේ අනුග්ර හයලැබීමට හේතු කාරක අපට පැහැදිලි වන්නේය. එනම් දේවානම්පියතිස්ස රජු, ශ්‍රී ලංකාව බෝධියට පූජා කර තිබීම නිසා, ශ්‍රී ලංකාවේ නියම හිමිකරැ වන්නේ බුදුන්වහන්සේ ලෙස සැළකීම ප්ර ධාන හේතුවකි.


10-මිරිසවැටිය

ක්‍රි.පු.101 දී දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්‍යයි. 80 රියනක් උස වන අතර රජතුමාගේ ජය කොන්තය නිධන් කර සාදන ලදී. ක්‍රි.ව. 913-922 රජකළ පස්වන කාශ්‍යප රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.


11-රැවන්වැලි මහා සෑය

දුටුගැමුණු රඡු විසින් කරවා ඇත වැඩ අවසන් කරන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසිනි. සතර බුදුවරැන් වැඩසිටි පාරිශූද්ධ භුමියක් වන අතරමෙම චෛත්‍ය මත බුද්ධ ශ්‍රී දේහය මොහොතක් දර්ශනය වු බව වංශ කථාවල සටහන් වේ. වට අඩි 100 ක් පමණ වන අතර ධාතු පරිනිර්වානයෙදී මෙම චෛත්‍ය මත බුද්ධ ශරීරය දර්ශනය වේ.


12-ථුපාරාමය

සම්මා සම්බුදු රඡාණන් වහන්සේගේ අකු ධාතුව දේවානම් පියතිස්ස රඡතුමා විසින් ථුපාරාමයේ තැන්පත් කළ බව වංශකතා වල සඳහන් වේ.ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමෙන් පසු ප්‍රථමයෙන් ඉදිකළ චෛත්‍යයයි.


13-අභයගිරිය

බුදුරඡාණන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කිරිමෙන් පසු සමවත් සුවයෙන්වැඩසිටි බව සඳහන් වේ.වළගම්භා රඡු ලක්දිව සිහසුන හිමි කර ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් අභයගිරිය ඉදිකළ බව වංශ කථාවල සඳහන් වේ. නිකාය භේධය ශ්‍රී ලංකාව තුල ආරම්භ වුයේ අභයගිරිය මුල්කරගෙන ය. මහායාන භික්ෂුන් මෙහි වාසය කලෝය. ගජබා, වෝහාරතිස්ස, සේන සහ මහා පැරකුම්භා රජතුමන් විසින් විවිධ අවස්ථා වලදී ප්‍රතිසංස්කරණය කළහ.


14-ජේතවනාරාමය

ක්‍රි.ව. 276-303 රජකළ මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. බුදුරඡාණන් වහන්සේගේ ඉණ බැඳි පටියෙහි කොටසක් ජේතවනාරාමයේ තැන්පත් කර ඇති බව විශ්වාසයක් ඇත. ලොව උසම හාවිශාල තම චෛත්‍යය ද වේ.


15-සෛල චෛත්‍යය

Internet එකේ මේ ගැන සදහන් වෙන්නේ මිහින්තලය කියල.

16-කතරගම කිරිවෙහෙර

බුදු රඡාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමග සමවත් සුවයෙන් වැඩසිටි බැවින් අති පාරිශුද්ධ පුඡා භුමියක් වේ.ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්සිව පිහිට වු පසු එයින් හටගත් අංකුර අටක් ලක්දිව ස්ථාන අටක පිහිට වු බවත් ඉන් එක් පැලයක් කතරගම රෝපනය කළ බව කියැවේ.






Monday, April 1, 2013

මෝඩයන්ගේ දිනය

මෝඩයන්ගේ දිනය “ 


ඇත්තටම අප්‍රේල් 01 “මෝඩයන්ගේ දිනයආරම්භය හරි හැටි කොතනදැයි නොදන්නා නමුත් බොහෝ දෙනා සලකනු ලබන්නේ එහි ආරම්භය එය 1582 ප්‍රංශයෙන් ඇරඹුනු බවයි. ප්‍රංශයේ රජ කල 09 වැනි චාල්ස් රජුගේ පාලන සමයේ එහි 08 වැනි ජෝර්ජ් පාප් වහන්සේ විසින් එතෙක් තිබු ජුලියන් කැලැන්ඩරය වෙනුවට ජොර්ජියන් කැලන්ඩරය හදුන්වා දීමත් සමග 09 වැනි චාල්ස් රජුද ප්‍රංශ ජනතාවට එය භාවිතා කිරීමට නියම කලා. එතෙක් භාවිතා කරනු ලැබු ජුලියන් කැලැන්ඩරයේ අලුත් අවුරුද්ද මාර්තු 25 සිට අප්‍රේල් 01 වැනිදා දක්වා සැමරීම සිදු කල අතර අලුතින් හදුන්වා දුන් ජොර්ජියන් කැලන්ඩරයේ අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ ජනවාරී 01 වැනිදායිනි.

එකල සන්නිවේදන මෙතරම් දියුණු නොවීම හින්දම කටින් කට ගිය මේ අලුත් කැලැන්ඩරයේ දින වෙනස ප්‍රංශයේ සමහර නගර වල ක්‍රියාත්මක වුයේ නෑ. ඔවුන් වෙනදා වගේම මාර්තු 25 සිට සමරමින් අප්‍රේල් 01 අලුත් අවුරුදු දිනය ලෙස සලකා කටයුතු කලා.මෙසේ කටයුතු කල පුද්ගලයන් මෝඩයන් ලෙස හදුන්වන්නට වු අතර අප්‍රේල් 01“ මෝඩයින්ගේ දිනයලෙස හදුන්වන්නට විය.

මෙන්න මේ කතාව තමා අද බොහෝම දෙනා අප්‍රේල් 01 මෝඩයන්ගේ දිනය ආරම්භය විදිහට සලකන්නේ. කාලයත් සමඟම එය බ්‍රිතාන්‍ය හා ස්කොට්ලන්තය රට වලටත් 18 සියවසේදී ඇමරිකානු කොලනි සඳහා ප්‍රංශ හා බ්‍රිතාන්‍ය පුද්ගලයන් හදුන්වා දුන් අතරම කාලයත් සමඟ දැන් ලොව පුරා මේ දිනය සමරනු ලබන අතරම සමහර රටවල එය නිවාඩු දිනයක් ද වෙනවා. බොහෝ රටවල එදිනට බොරු රගපෑම් කර මිනිසුන් මුලා කිරීම කරන අතර එවැන්නන් “ Poisson d’avril ” නැතිනම් “ April fish “ ලෙසද හදුන්වනු ලබනවා. බොරු ආරාධනා පත්‍රය යැවීමද සිදු කරනු ලැබීමද වැඩි වශයෙන් සිදුකරන විහිලුවක්. තවද කඩදාසි වලින් සෑදු මාලුවන් හැඩ හොරෙන් පුද්ගලයන්ගේ පිටේ ඇලවීමද තවත් එක විහිලුවක් ලෙස ප්‍රසිද්ධව ඇත. ස්කොට්ලන්තයේ මෙවැනි විහිලු “ April Gowk ” ලෙස හදුන්වන අතර බ්‍රිතාන්‍ය යේ බොහෝ විටම උදෑසන පමණක් මෙවැනි විහිලු කරන අතර විහිලුවෙන් මෝඩයා වන තැනත්තා “ Gobs” එහෙමත් නැතිනම් “ Gobby” ලෙසද විහිලුව “ Noodle ” ලෙස හදුන්වනු ලබයි.

Tuesday, March 12, 2013

ලොව විශිෂ්ටතම පුරාවිද්යාත්මක සොයා ගැනීම


මේ පලවෙනි ෆොටෝ එක දැක්කම කට්ටියට හිතෙයි සාමාන්‍ය ගෑණු ළමයෙකුට දොස්තරවරු ප්‍රතිකාර කරනවා කියල. එත් මේ පණ තියෙන සාමාන්‍ය ගෑණු ළමයෙකු නෙවෙයි. මේ ඇවිල්ල අවුරුදු 500 කට කලින් මැරුණු 15 වියැති ඉන්කාන් ගෝත්‍රයට අයත් ගෑනු ළමයෙකුගේ මමියක්. 

මෙයට දාල තියෙන අන්වර්ථ නම "La doncella", එකේ තේරුම "The maiden". 

La doncella හම්බ වුනේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 22000 පමණ උසකින් පිහිටි Llullaillaco කියන ආර්ජන්ටිනාවේ පිහිටි ගිනිකඳු ප්‍රදේශයක් අසලදී. හම්බවෙලනම් ගොඩක් කල්, හැබැයි දැන් තමයි ගොඩක් දේවල් එලි වෙන්නේ මෙයාගේ. විද්වතුන් කියන විදිහට මෙයාගේ ඇඟේ කොටස් විනාස වෙලා නෑලු. ඒවා පරෙස්සම් වෙලා තියෙනවලු සති කීපයකට කලින් ලෙඩ වෙලා මැරුණු කෙනෙක්ගේ වගේ.  කොටින්ම කියනවනම් DNA පරීක්ෂණ වෙනුවට ප්‍රෝටීන පරීක්ෂණ කරන්න පුළුවන් තත්වෙකලු තියෙන්නේ. පුදුමයි නේද ??
(
සාමාන්‍යයෙන් පිරමීඩ ඇතුලෙන් හම්බවුනත් මෙයාව හම්බවුනේ කඳු මුදුනක ice වලින් වැහිලා තියෙද්දී නිසා පරෙස්සම් වෙලා) 



කියන විදිහට, ඒ කියන්නේ ඉන්කා පුරාවෘත අනුව ගැණු ළමය තෝරා ගත් ගැණු ළමයෙක් දෙවියන් එක්ක ජීවත් වෙන්න. මොකද ඉන්කා වරු විශ්වාස කරනවා දෙවියන්ට ලඟා විය හැකි ලේසිම විදිහ උසින් වැඩි කඳු මුදුන් කියල. එකයි එච්චර උසකදී මේ මමිය හම්බවෙලා තියෙන්නේ. 

එත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒ කාලෙ හැදුනු සනීප කරන්න බැරි වුන ලේදක සඳහා මේ ලමයව බිලි දීල. එහෙම කියන්න හේතුව තමයි දෙවියන් වෙනුවෙන් තෝරන ගනු ළමයි පිරිසිඳු (ලෙඩක් හැදුනේ නැති) වෙන්න ඕන. එත් දැන් හොයාගෙන තියෙන විදිහට මේ මමියේ ඉන්න ගනු ළමයට හදවත් ආශ්‍රිත රෝගයක් තිබිල තියෙනවා කියල හොයාගෙන තියෙනවා DNA පරීක්ෂණයකින්. බැක්ටීරියා විශේෂයකින් හට ගත එකක්ලු. ඒ නිසා මේකෙන් ඉන්කා ගෝත්‍රයේ ය බේරගන්න කරපු බිලි පූජාවක් විදිහට තමයි පෙන්නේ කියල විද්වතුන් කියන්නේ. ඒ වගේම මේ වගේ ලෙඩ රෝග ගැන හොඳ පරීක්ෂණ කරන්න පුළුවන් තත්වෙකලු මේ මමිය තියෙන්නේ. ඒ නිසා ඉස්සරහට තවත් වැදගත් තොරතුරු අනාවරණය වෙයි.







Twitter Bird Gadget