Blogger Templates

Thursday, November 29, 2012

පතලෙන් මතුවූ "ඩෙනීමේ" පුරාණය

මේ ලෝකෙට එක එක දේවල් එකතු කරපු මිනිස්සු ගැන අපි නිතරම කතා කරනවා මීට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල එක්තරා විද්‍යාඥයෙක්  ප්‍රකාශ කරාලු ලෝකේ සොයාගන්න දේවල් ඔක්කොම සොයාගෙන ඉවරයි කියලා. හැබැයි ඒ කතාව ඇත්තටම ලොකු විහිළුවක් වුනා. යාන වාහන,යන්ත්‍ර සුත්‍ර විතරක් නෙමේ නව සොයා ගැනීම් වෙන්නේ නවීන ඇදුම් පැළදුම් අනිවාර්යෙන්ම ඒවත් මෙයට ඇතුලත්. අපි හැමෝම දන්නා,කැමති ඇදුමක් තමා  "ඩෙනිම්". පිරිමි අය වගේම කාන්තාවනුත් ඩෙනිම් අදීන්න ගොඩක් ප්‍රියයි. "ඩෙනිම" කියන්නේ හරියට ලෝකේ ජාතික ඇදුම වගේ. 

ඇත්තටම ඩෙනිම කොහෙන්ද,කවුද ගෙනාවේ ,ලෙවී ස්ට්‍රස් (Levi Strauss) 1829 පෙබරවාරි 26 වැනිදා ජමනියේ බැවෙරියා (Bavaria) හි තමයි උපත ලබන්නේ. ඔහුගේ පියා හයිශ් ස්ට්‍රස් (Hirsh Strauss) හයිශ්ගේ දෙවැනි භාර්යාව වන රෙබෙකාහාස් ස්ට්‍රස්  (Rebecca Haas Strauss) තමයි ලෙවීගෙ මව. ලේවීගේ මුල්ම නාමය වුනේ "ලෝබි" (Loeb) යන්නයි 1847 දී මේ ස්ට්‍රස් පවුල අමෙරිකාවේ නිව්යෝර්ක් (New York) නගරයට සංක්‍රමණය වුනා.මෙහිදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ රැකියාව වුනේ වෙළදාමයි. තරුණ විය එළබෙත්ම "ලෙවීද" ඔවුන් සමග මෙම වෙළදාමේ නිරත විය. 1853 දී ලෙවී සැන් ෆ්රැන්සිස්කෝ (San Francisco) නුවරට පැමිණ තම ව්‍යාපාරය "ලෙවී ස්ට්‍රස් ඇන්ඩි කම්පැනි" (Levi Strauss & Company) යනුවෙන් ආරම්භ කරනවා. මෙහිදී ඔහු නිරත වන්නේ රෙදි වෙළදාමේ. විශේෂයෙන්ම විශාල රන් පතල් ආශ්‍රිතව තමයි ඔහු වෙළදාම් කටයුතු කරනු ලබන්නේ. ඔහු මෙම නුවර ස්ථාන කීපයකටම තම ව්‍යාපාරික ස්ථානය වරින්වර ගෙන යනවා. මේ වන විට ලෙවී ගේ වයස අවුරුදු 23 යි. පතල් ආශ්‍රිතව දුෂ්කර සේවයේ යෙදෙන කම්කරුවන්ගේ කලිසම් ඉක්මනින් ඉරීම නිසා ඔවුන් නිතර නිතර ඇදුම් ගැනීමට පෙලබිලා සිටියා. ජැකොබ් ඩේවිස් (Jacob Davis) යනු ඇදුම් මසන්නෙක්. ඔහු යුදෙව්වෙක් (Jewish). ලැට්වියාවේ (Latvia) සිට පැමිණ මේ ආශ්‍රිතවම ඔහු තම ව්‍යාපාර කරයුතු කරගෙන ගියා. නිතර නිතර කලිසම් ඉරීම වැලැක්වීමට ඔහු කලිසමේ සමහර ස්ථානවලට යකඩ බොත්තම් තබා නවතම නිර්මාණයක් සොයාගනු ලැබුවා. මෙය ඉතා සාර්ථක ක්‍රමයක් වූ අතර ඒ සදහා "පේටන්ට්" (Patent) බලපත්‍රය ලබා ගැනීමට කල්පනා කලා. මේ සදහා තමන් රෙදි මිලදී ගන්නා ලෙවී හමුවීමට ඔහු අදහස් කළා. මක් නිසාද ඔහු එකල මුල්‍යමය අතින් සිටියේ අසීරු තත්ත්වයකය. මේ සුසංයෝගයෙන් ප්‍රතිපලයක් ලෙසට 1873 මැයි 20 වැනිදා ඇමෙරිකානු පේටන්ට් බලපත්‍ර අංක 139,121 යටතේ මේ දෙදෙනාටම එහි අයිතිය හිමි වනවා. ඉන්පසුව "ලේවීස්" (Levis) වෙළද නාමය යටතේ නිර්මාණය වන ප්‍රථම "ඕවරෝල්" (Overoll) ඇදුම ඔවුන් පතල් කම්කරුවන් වෙනුවෙන් නිපදවා වෙළද පොලට නිකුත් නිකුත් කරනවා. මෙය රන් පතල් කරුවන් අතර ඉතා ජනප්‍රිය ඇදුමක් වන්නේ කෙටි කලකින්. මෙම ඇදුමේ රෙදි වර්ගය ඉතා ඝනයි. ඉරියෑමෙන්ද තොරයි. නමුත් කම්කරුවන්ගෙන් එක්තරා පැමිණිල්ලක් ඔවුන්ට එල්ල වුනා. ඒ මේ ඇදුම ඇගේ ඇතිල්ලෙන විට තුවාලවන බවට. මක්නිසාද එම රෙද්ද එතරම්ම ගොරෝසු නිසා. මෙයට පිලියමක් ලෙස ඔවුන් ට්වියිල් (Twill) සහ කපු (Cotton) මිශ්‍රිත රෙද්දක් මේ සදහා හදුන්වා දුන්නා. එම රෙදි වර්ගය කලක් යන විට "ඩෙනිම්" (Denim) වශයෙන් ප්‍රසිද්ධ වුනා. එසේම එයින් නිර්මාණය වන ඇදුමටද පසුව "ඩෙනිම්" යන නාමය භාවිතා කළා. මේ ආකාරයෙන් ලේවීගේ ඇදුම් ව්‍යාපාරයේ තවත් කඩඉමක් පැමිණෙන්නේ 1890 දී. 

ඒ ඔහු ලෙවීස් 501 (Levi’s – 501) ඩෙනිමක් වෙළද පොළට ඉදිරිපත් කිරීමයි. අද කාලයේ ලීවයිස් (Levi’s) ලෙසට මෙම වදන භාවිත කළද එය පැමිණියේ මෙහි නිර්මාතෘ වන "ලෙවීගේ" යන අර්ථයෙන්. "ලීවයිස් 501" ඩෙනිම ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ ඇදුම බවට වාර්තාවක්ද තැබුවා. ලීවයිස් ලේබලයේ අශ්වයින් දෙදෙනෙකු සිටිනු අද දක්නට පුළුවන්. මෙය ඔවුන් මුල් වරට ඉදිරිපත් කලේ 1886 දී. එසේම පිටුපසට දෙවැනි සාක්කුව (back pocket) 1901 වර්ෂයේදී පමණ තමයි ලීවයිස් සමගම එකතු කලේ. එසේම බද පටිය දමන ලුප් (Belt Loops) මුලින්ම ඩෙනීමේ දකින්න ලැබුනේ 1922 වසරේ. ඉන් කුඩා වෙළෙන්දෙක්ව සිට දැවැන්ත ව්‍යාපරිකයකු වූ ලෙවීගෙ මෙම ඩෙනිම් ව්‍යාපාරය ලෝකයේම ප්‍රසිද්ධ වුණා. ඔහු හා තරග කරන්නට කිසිවකු එකල සිටියේ නැහැ. මේ අයුරින් ලොවට නව නිර්මාණයක් බිහි කළ ලෙවී 1902 සැප්තැම්බර් 26 වැනිදා මොලොවින් නික්ම ගියා. එවිට ඔහුගේ වයස අවුරුදු 73යි. විශේෂත්වයක් තිබෙනවා. ලෙවී තනිකඩයෙක්. ඔහු කිසිදා විවාහ වී නැහැ. 

ලෙවී ස්ට්‍රස් (Levi Strauss)

1902 දී ලෙවීගෙ මුල්‍යමය වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ක් පමණ වූ බවටයි දැක්වෙන්නේ. පසුකාලයේදී ඩෙනිම ඇමෙරිකාවේ කව්බෝයි (Cowboy’s) වරුන් අතර ඉතා ජනප්‍රිය වුණා. එසේම දෙවැනි ලෝක යුද්ධයේදී යුධ සෙබළුන්ද මෙම ඇදුම භාවිතා කලා. තරුණයන් අතර විලාසිතාවක් ලෙසට "ඩෙනිම්" ජනප්‍රිය වෙන්නේ 1950-1960 කාල සීමාවේදී. නළුවන්,නිලියන්,රොක් (Rock) ගායකයින් මෙය ඇදීම නිසා එය රැල්ලක් බවට නිරායාසයෙන් පත්වුනා. අද තරුණ මහලු භේදයකින් තොරව ඩෙනිම අතිශය ජනප්‍රිය ඇදුමක්. "ලෙවයිස්" සමාගම ඇමෙරිකාව මුලික කොටගෙන රටවල් රැසක තම නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යනවා. 2010 දී මෙම සමාගමේ අදායම ඩොලර් බිලියන 4.4ක් ලෙසටයි වාර්තා වුණේ.

ජැකොබ් ඩේවිස් (Jacob Davis)



  

  

  

Friday, November 16, 2012

ලොව නිර්භීතම හමුධා සුනඛයා


ට්‍රෙයෝ පසුගියදා විශ්‍රාම ගියේය. විශ්‍රාම යනවිට ට්‍රෙයෝ සේවය කරමින් සිටියේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික
හමුදාවේය. ට්‍රෙයෝ යුධ හමුදාවෙන් විශ්‍රාම යැම විශේෂ හේතුවකි,ට්‍රෙයෝ කළුම කළු ලැබ්‍රඩෝ වර්ගයට
අයත්ය. ට්‍රෙයෝ වැඩියෙන්ම රාජකාරි කල ප්‍රදේශය වූ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ත්‍රස්තවාදින් භීතියෙන් සසලකල ප්‍රදේශවලය. තලේබාන් ත්‍රස්තවාදින් විසින් වළලන ලද බිම් බෝම්බ, අටවන ලද බිම් බෝම්බ, ගස්වල බදිනලද පැති බෝම්බ, තොග වශයෙන් ගබඩා කර තිබු අත් බෝම්බ, දුම්රිය මාර්ගවල තබා පිපිරවීමට ගෙනා ඩයිනමයිට්කරල් සහ RDX ලෙස හැදින්වෙන පුපුරණ ද්‍රව්‍ය ලක්ෂ ගණනක් කිසිදු මීටරයක් නැතිව නාසයෙන් පමණක් ඉව කර බලා හදුනා ගැනීමට ට්‍රෙයෝ සමත් විය.

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ පශු අංශයේ ඉහළ නිලයක් දැරූ සුනඛයෙකු ලෙස ට්‍රෙයෝ ඇෆ්ගනිස්ථානට මුල් වරට එන විට තලේබාන් ත්‍රස්තවාදින් එකිනෙකා අතර පණිවුඩ හුවමාරු කර ගන්නට පටන් ගත් බව රාජකීය නාවික හමුදාවේ සෙබළුන්ට වැටහිණි. ඒ පණිවුඩ කියවීමට සමත් හමුදා නිලධාරීන්ට දැන ගන්නට ලැබුණේ ට්‍රෙයෝ ඝාතනය කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස තලේබාන් ත්‍රස්තවාදින් එකිනෙකාගෙන් ඉල්ලන බවය. ට්‍රෙයෝ ඝාතනයට විශේෂ සැලසුම් යොදන ලදී. ඉලක්ක වෙඩික්කාරයන් හෙවත් ස්නයිෆර්වරුන් යොදන ලදී. එහෙත් ගොඩනැගිලි තුලට යන ට්‍රෙයෝ රාජකීය හමුදාවට තම සතුරන් අල්ලා දුන්නේය.

මේ නිසාම බ්‍රිතාන්‍ය මහා රැජින විසින් විරෝදාර යුධ සෙබළුන්ට පිරිනමන VICTORIA CROSS සම්මානය ට්‍රෙයෝ පිරිනමන ලදී. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සුනඛයෙකුට මේ සම්මානය පිරිනමන ලද පළමු වතාව මෙය වන්නේය.ට්‍රෙයෝ සමග යුධ හමුදා සුනඛ බළකායට අයත් සුනඛයෝ 104 දෙනෙක් ඇෆ්ගනිස්ථානට පැමිණියහ.පළමු මුර සංචාරයේදීම පාර අයිනේ අතු පැළක සගවා තිබු අවි තොගයක් සොයා ගැනීමට ට්‍රෙයෝ  හැකිවිය.

ට්‍රෙයෝ VICTORIA CROSS සම්මානය සමග 

ට්‍රෙයෝගේ පාලකයා සර්ජන්ට් ඩේඩ් හෙයෝය. මේ දෙන්න එකිනෙකා කෙරෙහි මහත් වූ ස්නෙහයකින් බැදී සිටිති. පොලිස් සහ හමුදා සේවයට අනුබද්ධ සුනඛයන් පුහුණු කිරීමේ යෙදී සිටින නිධාරීන්, තමන් යටතේ සිටින සුනඛයා තමන් කෙරෙහි පමණ ඉක්මවා බැදෙන බව දුටුවහොත් වහාම ඒ සුනඛයාගෙන් වෙන්ව වෙනත් සුනඛයෙකු ලබා ගැනීම බටහිර රටවල පිළිගත් සම්ප්‍රදායක් වී තිබේ. ඒ අනගතයේදී වෙන්වීමේ අවස්ථාවක් එලබුනහොත් පාර්ශව දෙකටම එය දරා ගැනීමට බැරි වන නිසාය. එහෙත් ට්‍රෙයෝ අත්හැරීමට තමා කිසිසේත්ම සුදානම් නැති බව සාජන්ට් හෙයෝ සදහන් කරයි. තමා ට්‍රෙයෝ සමග සිටි කාලයේදී කිසිදු මානසික පීඩාවකට යටත් නොවූ බව සර්ජන්ට් ඩේඩ් හෙයෝ පැවසීය. " ට්‍රෙයෝ කවදාවත් ආදරයෙන් මාව ලේවකන්නේවත් නැහැ. එත් මට හිතේ අමාරුවක් ඇති වුණාම ට්‍රෙයෝ මා ළගින් හෙලවුනේවත් නැහැ. ඔහු මගේ ඉරියව් පරික්ෂා කරමින් මා ළගින්ම හිටියා... " සර්ජන්ට් හෙයෝ කියුවේය.

වසර 2009 දී ඇෆ්ගනිස්ථානයේ රාජකාරිය අවසන් කර ට්‍රෙයෝ  එංගලන්තයට පැමිණියේය. එවිට පැවති හමුදා උත්තමාචාර උළලේදී චාල්ස් කුමරුට සහ එවකට බ්‍රිතාන්‍ය අගමැති වූ ගෝඩ්න් බ්‍රවුන්ට ට්‍රෙයෝ ව හදුන්වා දෙන ලදී. මේ අතර වීරත්වය උදෙසා ට්‍රෙයෝ ට තවත් පදක්කමක් ලැබිණි. මේ පදක්කම් උළෙලට සර්ජන්ට් හෙයෝ විසින් ට්‍රෙයෝ රැගෙන යන ලදී. සාජන්ට්වරයා කියා සිටියේ ට්‍රෙයෝ තම හොදම මිතුරා සහ සගයා  බවය. විශ්‍රාම සුවයෙන් කල් ගෙවන ට්‍රෙයෝ තම විශ්‍රාමික භාරකරුවෙකු වන සාජන්ට් හෙයෝ සමග දිවි ගෙවති. ට්‍රෙයෝ වැඩි කලක් ගත කරන්නේ සෙල්ලමටය. ලොව නිර්භීතම සුනඛයා ලෙස හැදින්වෙන ට්‍රෙයෝ දැන් අලුත් දෙයක් කරයි. ඒ මෙතෙක් කල් නොකළ සාජන්ට් හෙයෝ ව ආදරයෙන් ලෙව කෑමය.

ට්‍රෙයෝ  සර්ජන්ට් ඩේඩ් හෙයෝ සමග 




Thursday, November 8, 2012

YouTube ගැන ඔබ නොදත් දේවල්,

ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි.ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ.මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ථාන අටක් පවත්වාගෙන යනු ලබනවා.
එහි YouTube බ් පිළිබඳව ඔබ නොදත් කරුණු කීපයක් පහතින්...


  • YouTube අන්තර්ජාලයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය වේ.
  • ලෝකයේ සියලුම වෙබ් අඩවි අතුරින් වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතුරින් තෙවන ස්ථානය YouTube ගනී (පලමු ස්ථානය Google ,දෙවන ස්ථානය Facebook).
  • නිර්මාතෘකරුවන් වන්නේ චැඩ් හර්ලි (Chad Hurley), ස්ටීව් චෙන් (Steve Chen) සහ ජාවඩ් කරීම්‍ (Jawed Karim) ය.
  • YouTube නිර්මාණය කිරීමේ මුල් අදහස ඇති වී ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ඇති ස්ටීව් චෙන්ගේ නිවසේ පැවති රාත්‍රී සාදයකදී පටිගත කල වීඩියෝවක් චැඩ් හර්ලි සමග Share කිරීමේදී මුහුන දුන් දුෂ්කරතා නිසා බව පැවසේ.
  • Internet හි Search Engine යෝධයා වන Google 2006 දී YouTube මිලදී ගත්තේ ඇමරිකන් ඩොලර් බිලියන 1.65 කටයි,එම මුදලට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානය වන A380 ජම්බෝ ජෙට් යානා 5ක් මිලදී ගත හැකිය.
  • YouTube හි පලමු වීඩියෝව : Me at the zoo By Jawed. පළමු video එකට මෙතනින් යන්නකෝ.
  • YouTube හි ජනප්‍රියම වීඩියෝව : Lady Gaga - Bad Romance. ජනප්‍රියම video එකට මෙතනින් යන්නකෝ.
  • දළ වශයෙන් සාමාන්‍ය අන්තර්ජාල සැරිසරන්නෙක් (Average Internet User) දිනකට මිනිත්තු 15ක් YouTube හි ගත කරයි.
  • සෑම විණාඩියකදීම පැය 24ක කාලයක වීඩියෝ YouTube වෙත Upload වෙයි,සතියකදී එම අගය සම්පූර්ණ චිත්‍රපට 150,000 කට සමානය.
  • YouTube හි Traffic මුලු ප්‍රමානයෙන් 22%ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉතිරි 78% අනෙකුත් රට වලිනි.(ජපානය - 6.7%,ජර්මනිය - 4.8%,ඉන්දියාව - 4.8%,එංගලන්තය - 3.7%,ඉතාලිය - 3.7%)
  • YouTube හි එක් දිනක් තුල නරඹන මුලු වීඩියෝ ප්‍රමානය බිලියන 2කි (2,000,000,000).
  • මුලු Internet Traffic වලින් 10%ක් YouTube වලින් වේ.
  • YouTube හි ඇති වීඩියේවක සාමාන්‍ය දිග(Average Length) මිනිත්තු 2 තත්පර 46.17.
  • YouTube වෙත දිනකට Upload කරන මුලු වීඩියෝ ගණන 829,440කි,එනම් තත්පරයකට වීඩියෝ 10කි.
  • YouTube තුල දැනට ඇති සියලුම වීඩියෝ ප්‍රමානය නැරඹීමට පුද්ගලයෙකුට වසර 1700ක් ගත වෙනු ඇත. 
          වැඩිදුර YouTube ගැන දැනගන්න මෙතනින් යන්නකෝ.

Sunday, November 4, 2012

ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න

තාරුණ්‍යයේ පසුවන බොහෝ තරුණ තරුණියන්ගෙන් බහුතරයක් දෙනා මානසික ආතතිය (Menterd Stress) හෝ විශාදය (Depression) නිසා පීඩාවට පත්වූ අයයි. ඒ නිසාම බොහෝ තරුණ තරුණියන්ට තමන්ගේ අරමුණ කරා ගමන් කිරීමේදී විවිධ අපහසුතාවන්ට ලක්වීමට සිදුවන බව නම් නොරහසකි. මේ සියලුම ගැටලු වලට මුලිකම හේතුව වන්නේ මානසික සැහැල්ලුව නොමැතිකමයි. සැහැල්ලු බව තාරුණ්‍යයේ ඉදිරි ගමනට ඉතා වැදගත්. 



සියල්ල ඇත සැහැල්ලුව නැත


ජීවිතය සියලු භෞතිකමය සම්පත් වලින් සම්පුර්ණ වී තිබුණද බොහෝ දෙනෙකු තුළ සැහැල්ලු බව නැත. සියලු දේ තිබුණද සිතේ සැනසීම,සැහැල්ලුව නැති නිසා විදවන ජිවිත සමාජය තුළ අනන්තව ඇත. සැහැල්ලු බව සමග සතුට බැදී ඇත. සැහැල්ලු බව පිටුපස තෘප්තිය ලුහුබැද එයි.

කුරුලු සැහැල්ලුව 


දින කිහිපයක් පුර හිමිදිරියේ කුරුල්ලන් හැසිරෙන අයුරු නිරීක්ෂණය කිරීමෙන්,ඇතැම් විහගුන් හිමිදිරියේ අවදි වූ මොහොතේ මිහිරි ගීත ගයති. ඇතැමුන් කරනම් ගසමින් ව්‍යායාමයන්හි නිරත වෙති. තම පියාපත් විහිදා තුඩගින් ඒවා පිරිමදිති. හිරු එළිය ස්නානය කරති. කලත්‍රය සමග ආදරය හුවමාරු කරා ගනිති. ඔවුහු කිසිදා මිනිසුන් මෙන් අවදි වූ සැණින් ජීවිතය තුළ හතිලමින් දිවීම නොකරයි. සැහැල්ලුවීමේ ක්‍රියාකාරකම් වලින් පසුව මිස කිසිවිටක ආහාර සොයා නොයති. මිනිසුන් වන අප හටද කුරුලු සැහැල්ලුව තිබිය යුතුය. අවදි වූ පසු අපටම විශේෂිත වූ සැහැල්ලු වීමේ අභ්‍යාස යන ක්‍රමවේද අප වෙත තිබිය යුතුය. 

සැහැල්ලු හුස්ම


ඔබව ජිවත් කරවීම හැරුණු කොට සිතේ පීඩාවන් දියකර හැරීමට සහ ඔබව සැහැල්ලු කර දැමීමට ඔබේ හුස්මට ඇති බලය අපමණය. "හොදින් ජිවත් වීමට නම් හොදින් හුස්ම ගන්න යැයි" කියමනක් ඇත. සිත අසහනයෙන් පිරි ඇති මොහොතක දුකින් බර වී ඇති මොහොතක නාසයෙන් දීර්ඝ හුස්මක් ගෙන ඔබේ මුඛයෙන් දිගු හුස්මක් පිට කිරීමෙන් සැනෙකින් සිත සැහැල්ලු වේ. හුස්මගෙන සවිඥනික වීමේ භාවනාවක් (උදා :- ආනාපානසතිය) ප්‍රගුණ කිරීමෙන් ජිවිතයට සොදුරු සැහැල්ලුවක් එක්කර ගත හැක.

සිනහවක සැහැල්ලුව 


ජීවිතය දුකින් පිරි ඇති විට ප්‍රශ්න වලින් මිරිකී ඇති විට සිනහ වීම අපහසු බව සැබෑය. නමුත් සිනහසෙන විට දුක සහ ප්‍රශ්න අතුරුදහන් වන බව සැබෑවකි. නිරන්තර මුදු සිනහවක් මුව රදවා ගන්න. ඔබේ ජිවන බර සැහැල්ලු වනු නිසැකය. වේදනාවන්  නිසා මුහුණේ ඇදුණු රැලි අතුරුදහන් වනු ඇත. සිනහව පසුපස සැහැල්ලුව හබා එයි. 

අධ්‍යාත්මික සැහැල්ලුව


ඔබට දෛනික ආගමික චර්යාවක් තිබිය යුතුය. ගාථා, පිරිත් සංජායනයක් ගීතිකාවක් නැතහොත් භජන් ගායකයක් තුලින් ඔබට අධ්‍යාත්මික සැහැල්ලුව විදිය හැක. ජිවිත කාලය පුරා ඔබට බැහැරින් එල්ල වන අභියෝග හමුවේ නොසැලී සන්සුන්ව සිටීමට අධ්‍යාත්මික සැහැල්ලුව උපකාරී වේ. සතියකට පැය කිහිපයක්වත් ඔබේ ආගමික ස්ථානයේ ගතකිරීමෙන් බෝධි පුජාවක, දේව මෙහෙයක, දෙවියන් වැදීමක නිරත වීමෙන් ඇතුළාන්තය සන්සුන් කරගත හැක. ඔබේ ආගම කුමක් වුවද ඔබට ගැළපෙන භාවනා ක්‍රමයක් ප්‍රගුණ කිරීම අධ්‍යාත්මික සැහැල්ලුව ඇති කර ගැනීමට නොවරදින මගකි.

භෞතික සැහැල්ලුව 


ඔබේ ඇදුම් ආයිත්තම් සරල, චාම්, ප්‍රියමනාප ඒවා විය යුතුය. අනවශ්‍ය අභරණ, ආලේපන, විලාසිතා නිසා කායික සමබරතාව හා සැහැල්ලුව අහිමි කර ගත යුතු නැත. ඔබේ කාමරය, මේසය පමණක් නොව ඔබේ අත්බෑගය වහනය සමග ඔබේ මුදල් පසුම්බිය සහ කමිස සාක්කුව පවා යල් පැන ගිය කුණුකන්දරවලින් තොරව සැහැල්ලුව තිබිය යුතුය. ඔබේ පුද්ගලික ලිපි ගොනුව අනවශ්‍ය පැරණි යල් පැන ගිය කඩදාසිවලින් නිදහස් විය යුතුය. ඔබේ ආහාරය අධික තෙල්, මිරිස්, තුනපහ, රසකාරක, ලුණු සහ අධික මස් මංශවලින් නිදහස් වූ සැහැල්ලු සමබර එකක් විය යුතුය. අනවශ්‍ය මස්පිඩු හා මේදයෙන් නිදහස් වූ සැහැල්ලු නිරෝගි සිරුරක් ඔබට තිබිය යුතුය. දුම්වැටි, මත්ද්‍රව්‍ය, මත්වතුර ආදී ඔබේ සමබරතාව බිදලන සැහැල්ලුව විනාශ කරන ඇබ්බැහිවීම්වලින් ඔබ නිදහස් විය යුතුය. 

සැහැල්ලුව ගිලිහී ගිය කල  


* අසහනය ඔබව වෙලා ගනී.
* ආතතිය සහ විශාදය ප්‍රධාන නිපැයුම් වේ.
* කලකිරීම්, ඉච්ජාභන්ගත්වය අතුරු ඵල වේ.
* තාරුණ්‍යය ගිලිහී යයි. 
* වියපත්වීම ඉක්මන් වේ.
* හිසරදය, හර්දයබාධ, දියවැඩියාව, අංශභාගය ඇතුළු රෝග රැසකට ලක්වීමේ සම්භාවිතාව         වැඩි වේ. 
* ඔබේ සමාජ සබදතා  බිදවැටේ.
* ජිවිත ආශාව ගිලිහෙයි 
* අධ්‍යාත්මික හා භෞතික දියුණුව ඇනහිටී. 

සැහැල්ලු වන්න නම්  


* ආගමික සංහිදියාවක් ඇති කරගන්න.
* භාවනාවන් ප්‍රගුණ කරන්න. 
* යෝග අභ්‍යාස ප්‍රගුණ කරන්න.
* මිහිරි සංගීතය මුහුකර ගන්න. 
* සරල, සමබර, ප්‍රියමනාප ආහාර ගන්න. 
* ආශාවන්, බලාපොරොත්තු, ඉලක්ක සිමා කරගන්න. 
* අසහනය වපුරන පොත පතින් ඈත්වන්න. 
* සිතුවිලි අවුල් කරන ටෙලිනාට්‍ය, චිත්‍රපටවලින් දුරස් වන්න.                        

අඩු බරක් ඔසවාගෙන යන්නා බොහෝ දුරක් ගෙවා යයි. ජිවිතයේ වැඩි දුරක් ගෙවා යෑමට නම් අධ්‍යාත්මිකව හා භෞතිකව සැහැල්ලු වී පියවර තබා යන්න. 

Twitter Bird Gadget