Blogger Templates

Thursday, November 29, 2012

පතලෙන් මතුවූ "ඩෙනීමේ" පුරාණය

මේ ලෝකෙට එක එක දේවල් එකතු කරපු මිනිස්සු ගැන අපි නිතරම කතා කරනවා මීට ගොඩක් කාලෙකට ඉස්සෙල්ල එක්තරා විද්‍යාඥයෙක්  ප්‍රකාශ කරාලු ලෝකේ සොයාගන්න දේවල් ඔක්කොම සොයාගෙන ඉවරයි කියලා. හැබැයි ඒ කතාව ඇත්තටම ලොකු විහිළුවක් වුනා. යාන වාහන,යන්ත්‍ර සුත්‍ර විතරක් නෙමේ නව සොයා ගැනීම් වෙන්නේ නවීන ඇදුම් පැළදුම් අනිවාර්යෙන්ම ඒවත් මෙයට ඇතුලත්. අපි හැමෝම දන්නා,කැමති ඇදුමක් තමා  "ඩෙනිම්". පිරිමි අය වගේම කාන්තාවනුත් ඩෙනිම් අදීන්න ගොඩක් ප්‍රියයි. "ඩෙනිම" කියන්නේ හරියට ලෝකේ ජාතික ඇදුම වගේ. 

ඇත්තටම ඩෙනිම කොහෙන්ද,කවුද ගෙනාවේ ,ලෙවී ස්ට්‍රස් (Levi Strauss) 1829 පෙබරවාරි 26 වැනිදා ජමනියේ බැවෙරියා (Bavaria) හි තමයි උපත ලබන්නේ. ඔහුගේ පියා හයිශ් ස්ට්‍රස් (Hirsh Strauss) හයිශ්ගේ දෙවැනි භාර්යාව වන රෙබෙකාහාස් ස්ට්‍රස්  (Rebecca Haas Strauss) තමයි ලෙවීගෙ මව. ලේවීගේ මුල්ම නාමය වුනේ "ලෝබි" (Loeb) යන්නයි 1847 දී මේ ස්ට්‍රස් පවුල අමෙරිකාවේ නිව්යෝර්ක් (New York) නගරයට සංක්‍රමණය වුනා.මෙහිදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ රැකියාව වුනේ වෙළදාමයි. තරුණ විය එළබෙත්ම "ලෙවීද" ඔවුන් සමග මෙම වෙළදාමේ නිරත විය. 1853 දී ලෙවී සැන් ෆ්රැන්සිස්කෝ (San Francisco) නුවරට පැමිණ තම ව්‍යාපාරය "ලෙවී ස්ට්‍රස් ඇන්ඩි කම්පැනි" (Levi Strauss & Company) යනුවෙන් ආරම්භ කරනවා. මෙහිදී ඔහු නිරත වන්නේ රෙදි වෙළදාමේ. විශේෂයෙන්ම විශාල රන් පතල් ආශ්‍රිතව තමයි ඔහු වෙළදාම් කටයුතු කරනු ලබන්නේ. ඔහු මෙම නුවර ස්ථාන කීපයකටම තම ව්‍යාපාරික ස්ථානය වරින්වර ගෙන යනවා. මේ වන විට ලෙවී ගේ වයස අවුරුදු 23 යි. පතල් ආශ්‍රිතව දුෂ්කර සේවයේ යෙදෙන කම්කරුවන්ගේ කලිසම් ඉක්මනින් ඉරීම නිසා ඔවුන් නිතර නිතර ඇදුම් ගැනීමට පෙලබිලා සිටියා. ජැකොබ් ඩේවිස් (Jacob Davis) යනු ඇදුම් මසන්නෙක්. ඔහු යුදෙව්වෙක් (Jewish). ලැට්වියාවේ (Latvia) සිට පැමිණ මේ ආශ්‍රිතවම ඔහු තම ව්‍යාපාර කරයුතු කරගෙන ගියා. නිතර නිතර කලිසම් ඉරීම වැලැක්වීමට ඔහු කලිසමේ සමහර ස්ථානවලට යකඩ බොත්තම් තබා නවතම නිර්මාණයක් සොයාගනු ලැබුවා. මෙය ඉතා සාර්ථක ක්‍රමයක් වූ අතර ඒ සදහා "පේටන්ට්" (Patent) බලපත්‍රය ලබා ගැනීමට කල්පනා කලා. මේ සදහා තමන් රෙදි මිලදී ගන්නා ලෙවී හමුවීමට ඔහු අදහස් කළා. මක් නිසාද ඔහු එකල මුල්‍යමය අතින් සිටියේ අසීරු තත්ත්වයකය. මේ සුසංයෝගයෙන් ප්‍රතිපලයක් ලෙසට 1873 මැයි 20 වැනිදා ඇමෙරිකානු පේටන්ට් බලපත්‍ර අංක 139,121 යටතේ මේ දෙදෙනාටම එහි අයිතිය හිමි වනවා. ඉන්පසුව "ලේවීස්" (Levis) වෙළද නාමය යටතේ නිර්මාණය වන ප්‍රථම "ඕවරෝල්" (Overoll) ඇදුම ඔවුන් පතල් කම්කරුවන් වෙනුවෙන් නිපදවා වෙළද පොලට නිකුත් නිකුත් කරනවා. මෙය රන් පතල් කරුවන් අතර ඉතා ජනප්‍රිය ඇදුමක් වන්නේ කෙටි කලකින්. මෙම ඇදුමේ රෙදි වර්ගය ඉතා ඝනයි. ඉරියෑමෙන්ද තොරයි. නමුත් කම්කරුවන්ගෙන් එක්තරා පැමිණිල්ලක් ඔවුන්ට එල්ල වුනා. ඒ මේ ඇදුම ඇගේ ඇතිල්ලෙන විට තුවාලවන බවට. මක්නිසාද එම රෙද්ද එතරම්ම ගොරෝසු නිසා. මෙයට පිලියමක් ලෙස ඔවුන් ට්වියිල් (Twill) සහ කපු (Cotton) මිශ්‍රිත රෙද්දක් මේ සදහා හදුන්වා දුන්නා. එම රෙදි වර්ගය කලක් යන විට "ඩෙනිම්" (Denim) වශයෙන් ප්‍රසිද්ධ වුනා. එසේම එයින් නිර්මාණය වන ඇදුමටද පසුව "ඩෙනිම්" යන නාමය භාවිතා කළා. මේ ආකාරයෙන් ලේවීගේ ඇදුම් ව්‍යාපාරයේ තවත් කඩඉමක් පැමිණෙන්නේ 1890 දී. 

ඒ ඔහු ලෙවීස් 501 (Levi’s – 501) ඩෙනිමක් වෙළද පොළට ඉදිරිපත් කිරීමයි. අද කාලයේ ලීවයිස් (Levi’s) ලෙසට මෙම වදන භාවිත කළද එය පැමිණියේ මෙහි නිර්මාතෘ වන "ලෙවීගේ" යන අර්ථයෙන්. "ලීවයිස් 501" ඩෙනිම ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ ඇදුම බවට වාර්තාවක්ද තැබුවා. ලීවයිස් ලේබලයේ අශ්වයින් දෙදෙනෙකු සිටිනු අද දක්නට පුළුවන්. මෙය ඔවුන් මුල් වරට ඉදිරිපත් කලේ 1886 දී. එසේම පිටුපසට දෙවැනි සාක්කුව (back pocket) 1901 වර්ෂයේදී පමණ තමයි ලීවයිස් සමගම එකතු කලේ. එසේම බද පටිය දමන ලුප් (Belt Loops) මුලින්ම ඩෙනීමේ දකින්න ලැබුනේ 1922 වසරේ. ඉන් කුඩා වෙළෙන්දෙක්ව සිට දැවැන්ත ව්‍යාපරිකයකු වූ ලෙවීගෙ මෙම ඩෙනිම් ව්‍යාපාරය ලෝකයේම ප්‍රසිද්ධ වුණා. ඔහු හා තරග කරන්නට කිසිවකු එකල සිටියේ නැහැ. මේ අයුරින් ලොවට නව නිර්මාණයක් බිහි කළ ලෙවී 1902 සැප්තැම්බර් 26 වැනිදා මොලොවින් නික්ම ගියා. එවිට ඔහුගේ වයස අවුරුදු 73යි. විශේෂත්වයක් තිබෙනවා. ලෙවී තනිකඩයෙක්. ඔහු කිසිදා විවාහ වී නැහැ. 

ලෙවී ස්ට්‍රස් (Levi Strauss)

1902 දී ලෙවීගෙ මුල්‍යමය වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ක් පමණ වූ බවටයි දැක්වෙන්නේ. පසුකාලයේදී ඩෙනිම ඇමෙරිකාවේ කව්බෝයි (Cowboy’s) වරුන් අතර ඉතා ජනප්‍රිය වුණා. එසේම දෙවැනි ලෝක යුද්ධයේදී යුධ සෙබළුන්ද මෙම ඇදුම භාවිතා කලා. තරුණයන් අතර විලාසිතාවක් ලෙසට "ඩෙනිම්" ජනප්‍රිය වෙන්නේ 1950-1960 කාල සීමාවේදී. නළුවන්,නිලියන්,රොක් (Rock) ගායකයින් මෙය ඇදීම නිසා එය රැල්ලක් බවට නිරායාසයෙන් පත්වුනා. අද තරුණ මහලු භේදයකින් තොරව ඩෙනිම අතිශය ජනප්‍රිය ඇදුමක්. "ලෙවයිස්" සමාගම ඇමෙරිකාව මුලික කොටගෙන රටවල් රැසක තම නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යනවා. 2010 දී මෙම සමාගමේ අදායම ඩොලර් බිලියන 4.4ක් ලෙසටයි වාර්තා වුණේ.

ජැකොබ් ඩේවිස් (Jacob Davis)



  

  

  

No comments:

Post a Comment

Twitter Bird Gadget