Blogger Templates

Friday, November 16, 2012

ලොව නිර්භීතම හමුධා සුනඛයා


ට්‍රෙයෝ පසුගියදා විශ්‍රාම ගියේය. විශ්‍රාම යනවිට ට්‍රෙයෝ සේවය කරමින් සිටියේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික
හමුදාවේය. ට්‍රෙයෝ යුධ හමුදාවෙන් විශ්‍රාම යැම විශේෂ හේතුවකි,ට්‍රෙයෝ කළුම කළු ලැබ්‍රඩෝ වර්ගයට
අයත්ය. ට්‍රෙයෝ වැඩියෙන්ම රාජකාරි කල ප්‍රදේශය වූ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ත්‍රස්තවාදින් භීතියෙන් සසලකල ප්‍රදේශවලය. තලේබාන් ත්‍රස්තවාදින් විසින් වළලන ලද බිම් බෝම්බ, අටවන ලද බිම් බෝම්බ, ගස්වල බදිනලද පැති බෝම්බ, තොග වශයෙන් ගබඩා කර තිබු අත් බෝම්බ, දුම්රිය මාර්ගවල තබා පිපිරවීමට ගෙනා ඩයිනමයිට්කරල් සහ RDX ලෙස හැදින්වෙන පුපුරණ ද්‍රව්‍ය ලක්ෂ ගණනක් කිසිදු මීටරයක් නැතිව නාසයෙන් පමණක් ඉව කර බලා හදුනා ගැනීමට ට්‍රෙයෝ සමත් විය.

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ පශු අංශයේ ඉහළ නිලයක් දැරූ සුනඛයෙකු ලෙස ට්‍රෙයෝ ඇෆ්ගනිස්ථානට මුල් වරට එන විට තලේබාන් ත්‍රස්තවාදින් එකිනෙකා අතර පණිවුඩ හුවමාරු කර ගන්නට පටන් ගත් බව රාජකීය නාවික හමුදාවේ සෙබළුන්ට වැටහිණි. ඒ පණිවුඩ කියවීමට සමත් හමුදා නිලධාරීන්ට දැන ගන්නට ලැබුණේ ට්‍රෙයෝ ඝාතනය කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස තලේබාන් ත්‍රස්තවාදින් එකිනෙකාගෙන් ඉල්ලන බවය. ට්‍රෙයෝ ඝාතනයට විශේෂ සැලසුම් යොදන ලදී. ඉලක්ක වෙඩික්කාරයන් හෙවත් ස්නයිෆර්වරුන් යොදන ලදී. එහෙත් ගොඩනැගිලි තුලට යන ට්‍රෙයෝ රාජකීය හමුදාවට තම සතුරන් අල්ලා දුන්නේය.

මේ නිසාම බ්‍රිතාන්‍ය මහා රැජින විසින් විරෝදාර යුධ සෙබළුන්ට පිරිනමන VICTORIA CROSS සම්මානය ට්‍රෙයෝ පිරිනමන ලදී. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සුනඛයෙකුට මේ සම්මානය පිරිනමන ලද පළමු වතාව මෙය වන්නේය.ට්‍රෙයෝ සමග යුධ හමුදා සුනඛ බළකායට අයත් සුනඛයෝ 104 දෙනෙක් ඇෆ්ගනිස්ථානට පැමිණියහ.පළමු මුර සංචාරයේදීම පාර අයිනේ අතු පැළක සගවා තිබු අවි තොගයක් සොයා ගැනීමට ට්‍රෙයෝ  හැකිවිය.

ට්‍රෙයෝ VICTORIA CROSS සම්මානය සමග 

ට්‍රෙයෝගේ පාලකයා සර්ජන්ට් ඩේඩ් හෙයෝය. මේ දෙන්න එකිනෙකා කෙරෙහි මහත් වූ ස්නෙහයකින් බැදී සිටිති. පොලිස් සහ හමුදා සේවයට අනුබද්ධ සුනඛයන් පුහුණු කිරීමේ යෙදී සිටින නිධාරීන්, තමන් යටතේ සිටින සුනඛයා තමන් කෙරෙහි පමණ ඉක්මවා බැදෙන බව දුටුවහොත් වහාම ඒ සුනඛයාගෙන් වෙන්ව වෙනත් සුනඛයෙකු ලබා ගැනීම බටහිර රටවල පිළිගත් සම්ප්‍රදායක් වී තිබේ. ඒ අනගතයේදී වෙන්වීමේ අවස්ථාවක් එලබුනහොත් පාර්ශව දෙකටම එය දරා ගැනීමට බැරි වන නිසාය. එහෙත් ට්‍රෙයෝ අත්හැරීමට තමා කිසිසේත්ම සුදානම් නැති බව සාජන්ට් හෙයෝ සදහන් කරයි. තමා ට්‍රෙයෝ සමග සිටි කාලයේදී කිසිදු මානසික පීඩාවකට යටත් නොවූ බව සර්ජන්ට් ඩේඩ් හෙයෝ පැවසීය. " ට්‍රෙයෝ කවදාවත් ආදරයෙන් මාව ලේවකන්නේවත් නැහැ. එත් මට හිතේ අමාරුවක් ඇති වුණාම ට්‍රෙයෝ මා ළගින් හෙලවුනේවත් නැහැ. ඔහු මගේ ඉරියව් පරික්ෂා කරමින් මා ළගින්ම හිටියා... " සර්ජන්ට් හෙයෝ කියුවේය.

වසර 2009 දී ඇෆ්ගනිස්ථානයේ රාජකාරිය අවසන් කර ට්‍රෙයෝ  එංගලන්තයට පැමිණියේය. එවිට පැවති හමුදා උත්තමාචාර උළලේදී චාල්ස් කුමරුට සහ එවකට බ්‍රිතාන්‍ය අගමැති වූ ගෝඩ්න් බ්‍රවුන්ට ට්‍රෙයෝ ව හදුන්වා දෙන ලදී. මේ අතර වීරත්වය උදෙසා ට්‍රෙයෝ ට තවත් පදක්කමක් ලැබිණි. මේ පදක්කම් උළෙලට සර්ජන්ට් හෙයෝ විසින් ට්‍රෙයෝ රැගෙන යන ලදී. සාජන්ට්වරයා කියා සිටියේ ට්‍රෙයෝ තම හොදම මිතුරා සහ සගයා  බවය. විශ්‍රාම සුවයෙන් කල් ගෙවන ට්‍රෙයෝ තම විශ්‍රාමික භාරකරුවෙකු වන සාජන්ට් හෙයෝ සමග දිවි ගෙවති. ට්‍රෙයෝ වැඩි කලක් ගත කරන්නේ සෙල්ලමටය. ලොව නිර්භීතම සුනඛයා ලෙස හැදින්වෙන ට්‍රෙයෝ දැන් අලුත් දෙයක් කරයි. ඒ මෙතෙක් කල් නොකළ සාජන්ට් හෙයෝ ව ආදරයෙන් ලෙව කෑමය.

ට්‍රෙයෝ  සර්ජන්ට් ඩේඩ් හෙයෝ සමග 




No comments:

Post a Comment

Twitter Bird Gadget