Blogger Templates

Monday, October 8, 2012

පිය සෙනෙහසට කවී ගී ලියවුනා මදි.......

මෙය බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කරන සමයේ සිදු වූ සිද්ධියකි. පම්බන් පාලම ඉන්දියාවේ තමිල්නාඩුවේ ඇති පාලමකි. මෙම පාලම ආරම්භ වන ස්ථානයේ ඔබට වැලපෙන මිනිසෙකු මිනිස් ශරීරයේ කොටස් තම පපුව ආසන්නයට ඔසවාගෙන සිටින ආකාරයේ ස්මාරකයක් දැකිය හැකිය... මේම පම්බන් පාලම හා බැදුණු පිය පුතු සත්‍ය සිදුවීමක්...

මෙම පාලම ඉදිකරන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේ වන අතර මෙම පාලමේ විශේෂත්වය නම් මෙහි මැද කොටස විශාල යන්ත්‍රයක ආධාරයෙන් ඉහලට එසවිය හැකි වීමයි. එවිට මුහුදේ යාත්‍රා කරන නැව් ආදියට පහසුවෙන් පාලමට යටින් යාත්‍රා කල හැකි වේ. පාලම මතින් දුම්රිය මාර්ගයක් ගමන් කරයි.

නැවක් යාත්‍රා කරන විට මෙහි වූ යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම එසවීම භාරව සිටියේ මැදිවියේ මිනිසෙකි. දිනක් නැවක් පාලම යටින් ගමන් කර මද වෙලාවකින් ඔහු දුටුවේ ඇතින් දුම්රියක් සෙමින් සෙමින් පාලම දෙසට පැමිණෙන ආකාරයයි. ඔහු විසින් පාලම හැකි ඉක්මනින් පහත කල යුතු වූ අතර එසේ නොමැති වුවහොත් දුම්රිය අනතුරට පත් වී දහස් ගණනක් මගීන් අනතුරට පත් විය හැකිව තිබුණි.

මේ අවස්ථාව වන විට ඔහුගේ වයස අවුරුදු 9ක් වන කුඩා පිරිමි දරුවා පියාගේ දිවා ආහාරය රැගෙන පැමිණියේය. තම පියා පාලම පහත් කිරීමට අපහසුවෙන් යන්ත්‍රය ක්‍රියාත්මක කරන ආකාරය දුටු කුඩා පිරිමි දරුවා දිවා ආහාරය පසෙකින් තබා තම පියාට සහාය දීමට යන්ත්‍රය අසලට පැමිණියේය.  ගත වුවේ මද වේලාවකි,කුඩා පිරිමි දරුවාගේ ඇගිල්ලක් යන්ත්‍රයේ දැති රෝද අතර සිර වුනි,ඔහු මහා හඩින් වැලපුනේය. මේ අවස්ථාවේ ඔහුගේ පියා තම දරුවා බේරාගැනීමට පැමිණියහොත් ඔහුට පාලම පහත් කිරීමට කාලය ප්‍රමාණවත් නොවේ,එම නිසා කුඩා පිරිමි දරුවාගේ හැඩීම නොසලකු ඔහු දිගින් දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කර පාලම පහත් කරවිය. දරුවා මැදින් මද යන්ත්‍රය දෙසට ඇදී ගියේය. පියාගේ නෙතින් කදුළු කැට කඩා වැටුණු අතර ඔහු මහා හඩින් වැලපෙන අතර දරුවාගේ හැඩීම නොසලකා දිගටම යන්ත්‍රය ක්‍රියාත්මක කළේය. ඔහු දරුවා බෙර ගැනීමට ක්‍රියා කළහොත් පාලම පහත් කිරීමට කාලය ප්‍රමාණවත් නොවන අතර දහස් ගණනක් මගීන් මුහුදට වැටී මිය යනු ඇත. කුඩා පිරිමි දරුවා සම්පුර්ණයෙන්ම යන්ත්‍රය තුලට ඇදී ගියේය. ඔහුගේ අස්ථි යන්ත්‍රයේ දැති රෝද වලට හසුව බිදෙන ශබ්දය පියාට ඇසුනි.   

මද වෙලාවකින් මගීන් දහස් ගණනක් රැගත් දුම්රිය නිරුපද්‍රිතව පාලම මතින් ගමන් කල අතර යන්ත්‍රය තුලින් තම පුත්‍රයාගේ සිරුර ඉවතට ගත් ඔහු මහා හඩින් වැලපෙන්නට විය.


අවංකව තම රාජකාරිය ඉටු කල මිනිසාට තම එකම පුත්‍රයා අහිමි විය. පසුව බ්‍රිතාන්‍ය පාලකයන් තම රාජකාරිය අවංකව ඉටු කල එය මිනිසාට ගරු කිරීමට එම ස්ථානයේ ස්මාරකයක් ඉදි කලෝය.
කදුලක් දෙනෙතට නැගුනත් මෙලොව සිටින කිසිම කෙනෙකු කැප නොකරන කැප කිරීමක් මේ පුද්ගලයා තම රට වෙනුවෙන් කිරීම සමස්ත ලෝවැසියන් විදිහට අපි අගය කලයුතු නොවේද???

No comments:

Post a Comment

Twitter Bird Gadget