Blogger Templates

Sunday, October 21, 2012

සොබා ධර්ම මාතාවගේ අපුරු මැවීමක් ,,,

එක විෂ බිංදුවකින් මිනිසුන් 100ක් මැරිය හැකි ලොව විසකුරුම නයා.

ටයිපෑන් (Taipan) නමැති මේ නාග වර්ගය සතු විශේෂත්වයක් තිබෙනවා. එනම් එක් දෂ්ට කිරීමකදී ඒ සතා නිකුත් කරන විෂෙන් පුද්ගලයන් 100 දෙනෙකු මැරීමටත් මීයන් 250000ක් මැරීමටත් හැකියාව තිබීමය. මේ නයකු විසින් දෂ්ට කෙරුණු කෙනෙකු විනාඩියක් තුල මිය යනවා. වැඩිම වුවහොත් විවිධ ප්‍රතිකාර මධ්‍යයේ විනාඩි 45ක් ජීවිතය අල්ලාගෙන සිටීමට දෂ්ට කිරීමට ලක්වූ  තැනැත්තාට පුළුවන්. මේ නාග වර්ගයේ නිජභූමිය වූ ඔස්ට්‍රෙලියාවේ නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් යන ප්‍රදේශයන්ය.  Taipan නාග වර්ගය අඩි 8ක් පමණ දිගය. මිලිමීටර් 12ක් දිග විස දළ උට තිබෙනවා. මේ නයා විසින් දෂ්ට කරනු ලැබූ මිනිසුන් ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. හේතුව මේ නයා මිනිසුන් සිටින පළාතකවත් සිටීමට අකැමැති,මිනිස් ගදක් දැනෙන විට සැතපුම් ගණන් දිවගොස් සැගවෙන නාග වර්ගයක් වීමයි. මේ නයාගේ විෂ මගින් ස්නායු පද්ධතියට වහාම හානි සිදුවන අතර දෂ්ට කිරීමට ලක්වූ පුද්ගලයා අංශභාග රෝගියෙකු බවට පත්වනවා. ඊළගට ඔහුගේ වකුගඩු අක්‍රියාකාරී වනවා. ඊළග අවස්ථාව වන්නේ ශරීරයේ සංවේදන ඉන්ද්‍රින්වලින් මොළයට යන පණිවුඩත්,මොළයේ සිට ශරීරයේ මාංශ පේෂීන් වෙත එන පණිවුඩත් Block වීමයි. මේ තත්වය පෙනහළුවලට බලපාන්නට පටන් ගත් විට හුස්ම හිරවී තුවාලකරු මිය යනවා. Taipan  නාගයන් දෂ්ට කල අයට දෙන  Anti Venom ඖශදය ඉතා ප්‍රබල එකක්. එය මේ වර්ගයේ දෂ්ට කිරීම්වලට වලට විශේෂ වන අතර Taipan නාගයාගෙන් ගන්නා විෂ මගින්ම සාදනු ලබනවා. 





No comments:

Post a Comment

Twitter Bird Gadget