Blogger Templates

Wednesday, February 19, 2014

කාන්තා මොළය සහ පිරිම් මොළය

කාන්තා මොළය ස්වාභාවිකවම නිර්මාණය වී ඇත්තේ බහුවිධ කාර්යයන්හි නියැලීමට හැකි අයුරින් බව විද්‍යඥයින් පිරිසක් සිදුකළ පරීක්ෂණයකින් තහවුරැ වී තිබේ.  පුද්ගලයින් 949ක් යොදගෙන ඔවුන්සිදුකළ ස්කෑන් පරීක්ෂණ වලින් මේ බව අණාවරණය කරගෙන ඇත. ඒ අනුව පිරිමින්ට සංකීර්ණ කාර්යයන් සිදුකිරීමට හැකි අයුරින් මොළය සැකසී ඇති බවත් තහවුරැ වී තිබේ.


කාන්තා මොළය


පිරිම් මොළය

National Academy of Science නැමැති බ්‍රිතාන්‍ය ආයතනය මගින් සිදුකළ මෙම පරීක්ෂණයේදී පිරිමින් මොළයේ ඉහළ කොටසත්,ගැහැනුන් මොළයේ පහළ කොටසත් වැඩිපුර වෙහෙසවමින් කටයුතු කරන බවද සොයාගෙන ඇත. මෙම පරීක්ෂණය සඳහා යොදාගත් පුද්ගලයින් 949 දෙනාගේ මොළය අධිතාක්ෂණයෙන් යුතු MRI යන්ත්‍ර හරහා ස්කෑන් පරීක්‍ෂණවලට ලක්කරමින්මොළයේ විවිධ ප්‍රදේශයන් අතර සම්බන්ධතාවන් සිදුවන ආකාරයේ සිතියමක් සකසා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ. මෙම පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයින් පවසා ඇත්තේ කාන්තාවන්ගේ මොළයේ දකුණු හා වම්පස අතර හොඳ සබඳතාවක් පවතින බවයි. පිරිමින්ගේ මෙය මොළයේ ඉදිරිපස හා පසුපස අතර දැකගත හැකි බවත්එයින් පිරිමින්ට ක්‍ෂණිකයෙන් තීරණ ගැනීමේ හැකියාව ලැබී ඇති බවත් එම විද්‍යාඥයින් අදහස් කරයි. මෙම පර්යේෂණය සඳහා සහභාගී වූ Pennsylvania සරසවියේ මහාචාර්යය රාගිනී වර්මා පවසන්නේ පරීක්ෂණයට ලක්කළ පුද්ගලයන්ට තර්කානුකූලව හා සහජ ඥානයෙන් තීරණ ගතහැකි අයුරේ ප්‍රශ්න හා ගැටලු යොමුකරමින් අදාළ ස්කෑන් පරීක්ෂණ සිදුකළ බවයි. එහිදී කාන්තාවන් වැඩි වශයෙන් මෙම තීරණ ගැනීමට දස්කම් දැක්වූ බවද පැවසීය.
මෙම පරීක්ෂණයට ලක්කළ 949 දෙනාගෙන් 428ක් පිරිමින් වූ අතර, 521ක් ගැහැනුන් විය. ඔවුන් වයස 08 සිට 22 දක්වා වී ඇත.මෙම පරීක්ෂණයේදී හෙළිදරව් වූ තවත් දෙයක් වූයේ පුද්ගලයන්ගේ මුහුණු මතක තබාගැනීම ආදී සිදුවීම් වලට කාන්තා මොළය වැඩිවශයෙන් දායක වන බවයි. එසේම කාන්තාවන්ට යමක් පිළිබඳ චිත්තරෑප මැවීමේ හැකියාවන් වැඩි බවද ඔවුන් සොයාගෙන තිබේ.




No comments:

Post a Comment

Twitter Bird Gadget